මේ අතුල කියපු අතුල ගැන කතාවක්..
"මගේ ජීවිතේ තේමා පාඨය මනුස්සකම.. මගේ ජීවිතේ වීරයා තාත්තා. මම මාව දකින්නෙ තාත්තා විදිහට.. අම්මා වුණත් කවුරු හරි එක්ක රංඩු වෙනවා, ඕපදූප හොයනවා මම දැකලා නෑ.. මගේ ආච්චිත් එහෙමයි.. මට පුදුම ආදරයක් තිබ්බෙ. මගේ බාප්පලා පස් දෙනෙක් හිටිය. ඒක තමයි, මගේ පළවෙනි පටන් ගැන්ම.. සංගීතයේදි නීල් වර්ණකුලසූරිය, අර්නි පීරිස්.."
"ඊටපස්සෙ මෑතක මට ළඟම අය සමිතා, කවින්ද්‍යා මගේ දුව.. පුතා ශේන් සහ සමිතාගේ පෙම්වතා. මේවා කතා කරනකොට අමුතුයි ඇති. අතැරියොත් මට නැත්තම් කියලා එකක් මගේ නෑ. අමායාත් අමායා අවට ඉන්න කට්ටිය. මගේ ඒ සියලුම දේට උදව් කරනවා. ඒ වගේම රසිකයෝ පිරිසක් ඉන්නවා මා එක්ක ම ඉන්න.."
(ජනක කුඹුකගේ සමඟ අතුල කළ සාකච්ඡාවක කොටසකි.)