ඒත් කෙසේ හෝ ඇයත්, දියණියත් ඒ යථාර්ථයට මුහුණදිය යුතුමයි.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමෙන් මියගිය බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බළකායේ සැරයන් බී. එන්. එන්. තරංග (39) මහතාගේ දේහය බලන්ගොඩ පින්නවල පන්දෙණිය නිවසට ගෙන එන ලද්දේ සියල්ලන්ගේම සෝසුසුම් මැදයි.
වයස අවුරුදු 10 ක දියණියකගේ පියකු වන මොහු වසර 12 ක නාවික හමුදා සේවයෙන් ඉවත්ව 2022 වසරේදී බන්ධනාගාර නියාමක සේවයට බැඳී තිබුණා.
ඉන්පසු වැලිකඩ අගුණ කොළ පැලැස්ස, බූස්ස යන බන්ධනාගාරවල සේවය කර ඇති තරංග, අවසන් වරට සිය නිවසට පැමිණියේ මේ මස 03 වන දායි.
සිය බාප්පාගේ හත් දවසේ දානය යෙදී තිබුණේ 6 වෙනි දිනටයි. මොහු යළි 04 වැනි දා සේවයට ගියේ නිවාඩු ලබාගෙන දානයට මීගමුවෙන් මාළුත් රැගෙන නිවසට ඒමේ අපේක්ෂාවෙන්.
නමුත් ඉකුත් 5 වැනි දා මීගමුව බන්ධනාගාරයේ සිදු වූ ගැටුම නිසා නිවාඩු අවලංගු වීමෙන් ඔහුට එන්නට නොහැකි වුණා.
ඉකුත් 06 වැනි දා ඇති වූ ගැටුමෙන් ඔහු මරණයට පත් වූ අතර, බිරිඳ ඊශ්‍රායලයේ රැකියාවක නිරතව සිටින බැවින් ඇය පැමිණෙන තුරු අවසන් කටයුතු මේ මස අද දවසට යොදාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මොහුගේ උපන්දිනය මෙම මස 31 වෙනි දිනට යෙදී තිබෙන අතර ගමේ සමාජීය කටයුතුවලදී ඉතා කැපවීමෙන් කටයුතු කළ අයකු බව ඔහුගේ වියෝව මුළු ගම් ප්‍රදේශයටම පාඩුවක් බව ප්‍රදේශවාසීහු සඳහන් කළා.
