මේ දවස්වල මහනුවර නගරයම ලස්සනම ලස්සන වෙලා තියෙන්නේ උත්කර්ෂවත් ඇසළ පෙරහර මංගල්‍යය නිසා. ඉතින් මේ අවුරුද්දේ පෙරහරේ ලොකුම සහ අලංකාරම දවස, ඒ කියන්නේ 'අවසන් රන්දෝලි මහ පෙරහර' හෙට (27) රාත්‍රියේ වීථි සංචාරය කරන්න නියමිතයි!
ලංකාවේ විතරක් නෙවෙයි, ලෝකේ වටෙන්ම ලක්ෂ ගාණක් සෙනඟ හෙට නුවරට එන නිසා පොලිසිය මේ වෙද්දීත් නගරය පුරාම දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් වගේම විශේෂ රථවාහන සැලැස්මකුත් ක්‍රියාත්මක කරලයි තියෙන්නේ.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියන විදියට හෙට නුවර නගරය ඇතුළේ විශේෂ මාර්ග බාධක දාලා, රථ වාහන වගේම පුද්ගලයින්ව දැඩිව පරීක්ෂා කිරීම්වලට ලක් කරනවා. ඒ වගේම සංචාරකයින්ට මඟ පෙන්වන්න සහ වාහන පාක් කරන්න (Parking) විශේෂ තැන් වෙන් කරලා දීලා තියෙනවා. ඒ නිසා හෙට නුවර යනවනම් පොලිසියෙන් දීලා තියෙන විකල්ප මාර්ග ගැන හොඳට දැනුවත් වෙලා යන එක තමයි වඩාත් සුදුසු.
හෙට අවසන් රන්දෝලි මහ පෙරහර නැරඹීමට හොඳම තැන් හොයන අයට, පෙරහර ගමන් කරන වීදි ටිකත් අපි මතක් කරන්නම්.
දළදා වීදිය
යටිනුවර වීදිය
කන්දේ වීදිය
ඩී.එස්. සේනානායක වීදිය
ඔස්සේ වීථි සංචාරය කරන පෙරහර අවසානයේ නැවතත් මාලිගාවට ගෙවදීමට නියමිතයි.
හෙට අවසන් රන්දෝලිය වුණාට, අද (26) රාත්‍රියේත් මහනුවර දළදා මාලිගාවේ 4 වැනි රන්දෝලි පෙරහර අති උත්කර්ෂවත් අන්දමින් වීථි සංචාරය කරනවා.