Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

තවත් කොරෝනා ආසාදිතයන් සිව්දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1643 දක්වා ඉහළගොස් ඇතිබව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.
3,263 Views
ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට ගෙන්වා  ගැනීමට අවශ්‍ය ලිපි ගොනුවලට තමන් අත්සන් 21,000 ක් තැබූ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
 
හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පොළොන්නරුවේදී අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
1,167 Views
වැලිකඩ පොලිසියේ හිටපු ස්ථානාධිපති සහකාර පොලිස් අධිකාරි සුදත් අස්මඩල මහතාඅත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාසයට දැනුම් දී තිබෙනවා.
 
ඒ, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සම්බන්ධ රිය අනතුරේදී අසත්‍ය සාක්ෂි නිර්මාණය සහ සාක්ෂි වසන් කිරීමේ චෝදනා යටතේයි.
1,859 Views
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල තාවකාලික පදිංචි වී කුඩු ජාවාරමේ යෙදෙන, පාතාල ක්‍රියාකාරකම්කවල සහ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයේ යෙදෙන අය ඇතුළු ජාවාරම්වල යෙදෙන්නන් සෙවීම සඳහා කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 60ක එවැනි පදිංචිකරුවන් 4100 - කගේ තොරතුරු ලබාගත් බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා.
3,198 Views
මෙරට කොරෝනා ආසාදනයවී පූර්ණ සුවය ලැබු සංඛ්‍යාව 811 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
 
ඒ, තවත් පුද්ගලයින් දස දෙනෙකු රෝහල්වලින් පිටත්ව යාමත් සමගයි.
 
635 Views
අභාවප්‍රාප්ත අමාත්‍ය අරුමුගම් තොණ්ඩමන් දැරූ ප්‍රජා සවිබලගැන්වීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ධුරයේ, අගමැති මහින්ද රාජපක්ෂ දිවුරුම් දී තිබෙනවා.
1,390 Views
ජූනි 20 වනදා මහ මැතිවරණය පැවැත්වීමේ ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත්කර ඇති ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් සලකා බැලීම 10 වන දිනයටත් ආරම්භ වී තිබෙනවා.
714 Views
කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ කඩුවෙල පිටවීම අසල සහ කෙරවලපිටිය පිටත වටරවුම් මාර්ගයේ මේ වන විට රථ වාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා.
2,132 Views
බඩඉරිඟු ලබාගත නොහැකිවීම නිසා ජාඇළ ත්‍රිපෝෂ කම්හල වසා දමා ඇති බවට වාර්තා වනවා.
 
එහි සේවය කළ සේවකයින් 300 කට ආසන්න පිරිසක් මේ වනවිට කම්හල වසා දැමීම හේතුවෙන් නිවෙස්වල රැඳී සිටින බවත්, මෙම තත්වය සති 3ක් තිස්සේ පවතින බවත් අදාළ වාර්තා සඳහන් කළා.
 
3,313 Views
නල්ලතන්නිය ප්‍රදේශයේ මන්දකට හසුවී සිටියදී මුදාගෙන උඩවලව ඇත් අතුරු සෙවනේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය කළු කොටියා උප විශේෂයක් දැයි තහවුරු කර ගැනීම සඳහා ජානමය ව්‍යුහය පිළිබඳ අධ්‍යයනයක් ආරම්භ කර තිබෙනවා.
2,063 Views
පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝග්‍රෑම් 17,634ක් වැල්ලම්පිටිය ප්‍රදේශයේ ගබඩාවක තිබියදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයාගෙන තිබෙනවා.
 
ඉන්දියාවේ සිට ආනයනය කොට ප්‍රතිඅපනයනය සඳහා මෙම කසල තේ සූදානම් කර තිබී ඇති බවටයි වාර්තා වන්නේ.
348 Views
පිට පළාත්වල සිට කොළඹට පැමිණෙන පෞද්ගලික සහ රාජ්‍ය අංශයේ සේවකයින්ට විශේෂ දුම්රිය ගමන්වාර 37ක් අද සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
 
එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්. පොල්වත්තගේ සඳහන් කළේ අද දිනයේ දුම්රියේ ගමන් කිරීම සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ 19,593 දෙනෙකු ලියාපදිංචි වී ඇති බවයි.
 
591 Views
ලොව පුරා කොරෝනා වෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වනවිට 62 ලක්ෂ 62,422 කට ආසන්න වී තිබෙනවා.

එමෙන්ම කොරෝනා මරණ තුන් ලක්ෂ 73,848ක්ද වාර්තාවුණා.
509 Views
නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
690 Views
මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව1633ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ, තවත් නව ආසාදිතයන් දෙදෙනෙකු හඳුනා ගැනීමත් සමගයි.

වෛරසය ආසාදනය වී සුවය ලැබූ 801ක් රෝහල් වලින් පිටත්ව ගොස් ඇති අතර මෙරටින් වාර්තා වන කොවිඩ් මරණ සංඛ්‍යාව 10ක්.
4,442 Views
1   |   2   |   3      »      [1545]



Recent Gossip Post





Top