ඇගේ සිනහවට වගේම නිහතමානී ගතිගුණවලට ආදරය කරන රසික රසිකාවියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් සමාජ මාධ්‍ය තුළ ඇය වටා එකතු වෙලා ඉන්නවා. පසුගිය දවසක පුබුදු චතුරංග සහ මාෂි සිරිවර්ධන යුවළගේ ආදරණීය පුංචි දියණියගේ උපන්දිනය බොහොම උත්කර්ෂවත් අන්දමින් සමරලා තිබුණා.
මේ විශේෂ උපන්දින සාදයට අපේ ආදරණීය ශේෂාද්‍රිත් සහභාගී වෙලා තිබුණේ කාගෙත් නෙත් සිත් පැහැරගන්නා අන්දමින්. එදා දවසේ ශේෂාද්‍රි හැඩවෙලා හිටියේ හරිම ලස්සන, රෝස පැහැති ගවුමකින්.
සුරංගනා ලෝකෙකින් ආපු රෝස කුමරියක් වගේ හරිම අහිංසක, ආකර්ෂණීය පෙනුමකින් සැරසිලා හිටපු ඇගේ සුන්දරත්වය මේ සාදයේ ප්‍රධානම අවධානයක් දිනාගන්න සමත් වුණා.
උපන්දින සාදයේදී ඇය ලබාගත් අපූරු ඡායාරූප කිහිපයක් මේ වන විට සමාජ මාධ්‍ය ජාලාවලට එක්කර ඇති අතර, එම ඡායාරූප දුටු රසිකයින් නොමඳව ඇයට ආදරය සහ ප්‍රශංසා මුදාහරිමින් සිටිනවා. පුංචි දෝණි එක්කත්, ආදරණීය මිතුරන් එක්කත් ඇය බෙදාගත්තු ඒ සුන්දර, හැඩකාර මතකයන් එකතුව පහතින් නරඹන්න.