මැදපෙරදිග කලාපයේ උණුසුම් යුද වාතාවරණය ඉහළ යමින් පවතින පසුබිමක පවා රන් මිල මෙලෙස අවප්‍රමාණ වීම ආයෝජකයින්ගේ දැඩි විමතියට හේතුවක්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම සතිය තුළ නිකුත් වීමට නියමිත ප්‍රධාන අමෙරිකානු රැකියා හා ශ්‍රම වෙළෙඳපොළ දත්ත කෙරෙහි වෙළෙඳුන් දැඩි විමසිල්ලෙන් පසුවීම මෙම මිල පහත වැටීමට ප්‍රධානම හේතුව බවයි. ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල සියයට 0.3කින් පහත වැටී ඩොලර් 4,437.10ක් දක්වා පසුබැස තිබෙනවා. කෙසේ වෙතත්, අනාගත ගනුදෙනු (Gold Futures) සඳහා වන රන් මිල සියයට 0.1ක සුළු වර්ධනයක් පෙන්නුම් කරමින් ඩොලර් 4,485.30ක් ලෙස සටහන්ව තිබීම විශේෂත්වයක්.
මේ අතර, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානය ඉලක්ක කර ගනිමින් තවදුරටත් දැඩි ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පවතින බවට සිදුකළ ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග භූ-දේශපාලනික අර්බුදය තවදුරටත් උග්‍ර වී තිබෙනවා. එහි සෘජු ප්‍රතිඵලයක් ලෙස ලෝක තෙල් මිල අඛණ්ඩව දෙවන දිනටත් ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.
සාමාන්‍යයෙන් යුද සහ අර්බුදකාරී වාතාවරණයන්හිදී රන් මිල ඉහළ යාම සම්ප්‍රදායික ක්‍රමවේදය වුවද, ඉහළ පොලී අනුපාත පවතින වාතාවරණයකදී පොලී ආදායම් ලැබෙන මූල්‍ය වත්කම් වෙත ආයෝජකයින් වැඩි නැඹුරුවක් දැක්වීම නිසා රන් මිල මත දැඩි පීඩනයක් එල්ල වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.