රටවල් 130ක් ඇතුළත් මෙම ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 120 වැනි ස්ථානයයි.
එක් එක් රටවල පවතින ජීවන වියදම සහ සේවකයන්ගේ මිලදී ගැනීමේ හැකියාව (Purchasing Power Parity - PPP) අනුව මෙම වාර්තාව සකස් කර ඇති අතර, ඒ අනුව ශ්‍රී ලංකාවේ මාසික අවම වේතනයේ මිලදී ගැනීමේ හැකියාව සටහන් වන්නේ ඇමරිකානු ඩොලර් 200ක් ලෙසයි.
මිලදී ගැනීමේ හැකියාව අනුව මාසිකව ඩොලර් 3,804ක අධික අවම වේතනයක් හිමිකර ගනිමින් ලොව ප්‍රථම ස්ථානය දිනාගැනීමට ස්විට්සර්ලන්තය සමත්ව තිබෙනවා.
ලොව ඉහළම අවම වේතනයක් හිමි පළමු රටවල් 10 මෙන්න...
1. ස්විට්සර්ලන්තය: ඩොලර් 3,804
2. ජර්මනිය: ඩොලර් 2,928
3. එක්සත් රාජධානිය: ඩොලර් 2,902
4. නෙදර්ලන්තය: ඩොලර් 2,876
5. ඕස්ට්‍රේලියාව: ඩොලර් 2,819
6. බෙල්ජියම: ඩොලර් 2,752
7. අයිස්ලන්තය: ඩොලර් 2,730
8. නවසීලන්තය: ඩොලර් 2,673
9. ප්‍රංශය: ඩොලර් 2,465
10. අයර්ලන්තය: ඩොලර් 2,433
ආසියානු කලාපයෙන් ඉහළම අවම වේතනයක් හිමි රට ලෙස දකුණු කොරියාව (ඩොලර් 2,362) ලෝක මට්ටමින් 11 වැනි ස්ථානයට පත්ව ඇති අතර, ජපානය (ඩොලර් 1,839) හිමිකරගෙන ඇත්තේ 16 වැනි ස්ථානයයි.
කලාපීය වශයෙන් ගත් කල දකුණු ආසියාතික රටවල් අතුරින් ශ්‍රී ලංකාව ඉතා පහළ මට්ටමකට වැටී ඇති අතර, අසල්වැසි රටවල් රැසක් ශ්‍රී ලංකාවට වඩා බොහෝ ඉදිරියෙන් පසුවීම විශේෂත්වයක්.
පාකිස්ථානය: 68 වන ස්ථානය (ඩොලර් 570)
නේපාලය: 78 වන ස්ථානය (ඩොලර් 490)
බංග්ලාදේශය: 89 වන ස්ථානය (ඩොලර් 379)
ඉන්දියාව: 111 වන ස්ථානය (ඩොලර් 233)
ලංකාවටත් වඩා යටින් ඉන්නේ රටවල් 10යි!
මෙම දර්ශකයට අනුව ශ්‍රී ලංකාවටත් වඩා පහළින් සිටින්නේ රටවල් 10ක් පමණයි. ඒ නයිජර්, භූතානය, හයිටිය, ගිනියාව, මධ්‍යම අප්‍රිකානු ජනරජය, සියරා ලියොන්, ඝානාව, කිර්ගිස්ථානය, ගිනි-බිසව් සහ ගැම්බියාව (ඩොලර් 67) යන රටවල් වේ.
සෘජු ඇමරිකානු ඩොලර් ආදායම වෙනුවට දේශීය මිලදී ගැනීමේ හැකියාව මත මෙම අගයන් ගණනය කර ඇති අතර, බදු හෝ වෙනත් අමතර දීමනා මීට ඇතුළත් කර නොමැති බව Visual Capitalist වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.