Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
01
නිකිණි මාසයේ උපන් ඔබත් මේ වගේද..?

- නිකිණි මාසයේ උපන් ඔබත් මේ වගේද..?Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

151 Views

ඔබ විශ්වාස කරනවාද ඔබ උපන් මාසය අනුව කෙනෙක්ගේ ගති ලක්ෂණ තීරණය වන බව.. මේ කියන්න යන්නේ අගෝස්තු මාසයේ උපන් ඔබට සුවිශේෂී වුණු තවත් අන්න ඒ වගේ කතාවක්.

දැන් අපි මේ අයගේ කැපී පෙනෙන ගති ලක්ෂණ ගැනත් වැඩි දුරටත් සමීපව අධ්‍යයනයක යෙදෙමු.


යන යන හැම තැනකදීම, හැම කටයුත්තකදීම නායකත්වය හා මුලිකත්වය වගේ දේවල් මේ අයට හිමි වන්නේ පතා උපන් ගානටයි. ඒ විතරක් නෙවෙයි මේ අයට නිසි තැන උරුම නොවුණොත් ආයේ මේ අයගෙන් කිසිම වැඩක් ගන්න බැරි වෙනවා.

මොකද, මේ අයගේ වැඩත් ගිනි ගින්දර වගේම කවදාකවත් පැරදිලා, ඇකිලිලා, දෙවෙනි වෙලා පුරුද්දක් නෑ. අවාසනාවකට හරි බැරි වෙලාවත් එහෙම වුණොත් මොකද වෙන්නේ දන්නවාද? තමන්ගේ ඇස් මානයේම වැඩේ අලවෙලා යනකම් ඒ දිහා ඇහැක් ඇරලා බලන පුරුද්දක් මෙයාලට නම් නෑ.

මේ අය තරම් බාහිර ආටෝපයට කැමති වෙන කවුරුවත් නෑ. අඳීන්නේ-පළඳීන්නේ මහා රාජකීය ස්වභාවයක් මවා පාමින්. ඇතැම් විට එය වාසියට වගේම අවාසියටත් බල පාන්න පුළුවන්. තරමක් වියදම්කාරී වුණත් තමන්ට වඩා ලොකු අතු අල්ල ගන්න ඒ අය එක්කලා හරි හරියට පෑහෙන්න මෙයාලට මහෝපකාරී වෙන්නෙත් ඒ අටෝපයම තමයි.

ඒ වගේම තමයි මේ අයගේ කෑම බීමත්. කෙනෙකුට සංග්‍රහ කරන්නෙ වුණත් හොඳම දෙයින්-ආයේ ලොවෙත් නැති වෙන්න. පූජකවරුන්, වියතුන්, ප්‍රභූවරුන්, ගුරුවරු හා වැඩිහිටියන් කෙරෙහි හදගැබෙහි නිබඳවම දෝර ගලන්නේ අපිරිමිත භක්තියක්. ඒ විතරක්ද අසරණ, අහිංසක, පීඩිත හා වයෝවෘද්ධ වැනි ඕනෑම කෙනෙක්ගේ දුක ළඟ උණුවෙන වෙඬරු පිඩක් වැනියි හදවතත්.

හැබැයි මෙයාලගේ අවුලකට තියෙන්නේ ‘ලොකු සීන්’ නොසෑහෙන්නම තිබීමයි. වෙලාවකට අම්මද-අප්පද අදාළ නෑ, තවත් වෙලාවකට නෑයද-නොනෑයද අදාළ නෑ. වරද දුටු සැණින් වරදට ඇඟිල්ල දිගු කිරිල්ලත් හරි දේට අත එසවිල්ලත් වරදට දඬුවම් කිරීමට නොපැකිළීමත් මේ අයගේ සාමාන්‍යයට ඉහළයි.

එක අතකට නම් ඒ පුරුද්දත් ඇත්තටම හරි ඉහළයි තමයි. ඒ වුණාට අපි හැම විටම ගනු-දෙනු කරන්නේ සැබෑම මනුෂ්‍ය චරිත එක්කලා විතරක් නෙවෙයිනේ. මනුෂ්‍ය ප්‍රතිරූපත් අපි අතර ඕනෑ තරම් ඉන්නවානේ?

ඉතින්, මේ වගේ වෙලාවට කෙළින් කතා කරන, කෙළින් වැඩ කරන පුරුද්ද ඇදේට දකින කොට්ඨාසයකුත් මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා මේ අය වටා නිතර ගැවසෙන අය පවා හොර රහසේ හරි මේ අයට සතුරු කම් කරන්න මාන බලනවා.

මේ අය කඩා වැටෙනකල් බලා ඉන්නවා. හැබැයි අගෝස්තුවේ නියම චරිත නම් කවදාවත් තමන්ට නොගැළපෙන අසරණ හෝ පහත් චරිත එක්කලා ගැටෙන්න හිතන්නේ වත් නෑ. ගැටෙනවා නම් ගැටෙන්නෙත් තමන්ට සම හෝ ඉහළ පෞරුෂයන් එක්කලා විතරමයි.

මේ අය තුළ මමත්වයත් ටිකක් වැඩි නිසා තමන් ගැන මහා ඉහළින් හිතනවා විතරක් නෙවෙයි කෙනෙක්ගේ දුර්වලකම්වලට කොතෙක් නම් අසීමිතව සමාව දුන්නා වුණත් හොරු, බොරු කාරයන් වගේ අයට නම් තමන්ගේ ජීවිතයේ අහලකටවත් ළංවෙන්න ඉඩක් තියන්නේ නෑ,

අවදානම නොතකා ඉදිරියට යාම, තමන් ගැන ඇති මහා අභිමානය, අධික වියදම්කාරී බව වගේම මහා ධානපති ස්වභාවය නිසා මේ අයට ජීවිත කාලය තුළදී යම් යම් අවාසිදායක තත්වයන්ට මුහුණ පාන්නට සිදු විය හැකියි. එහෙම වුණත් නිර්මාණශීලීත්වය, අලුත් සංකල්ප හෝ නව නිර්මාණ ආදිය ඉදිරිපත් කිරීම ආදියටත් මේ අය සුපිරි වැඩකරුවෝ වෙනවා.

යම් ආහාර පාලනයත්, සෞඛ්‍ය තත්ත්වය හිතකරව තබා ගැනීමටත් වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අගෝස්තුවේ බොහෝ දෙනෙක්ට හිමිවන ඡන්ම දායාදයක් තමයි අහෘදයාබාධත්. වයස 44 විතර වෙද්දී ඒ ගැනත් අවධානයෙන් පසුවීම වැදගත්.

ඒ වගේම තමයි තමන්ගේ ප්‍රජාව වෙනුවෙන් යමක් කරන්නට කැප වුණු විප්ලවවාදියෝ, රාජ්‍ය පාලකයෝ, අවංක රාජ්‍ය සේවකයෝ වගේම හිත හොඳ මිනිස්සු බොහෝමයක් මේ සුන්දර මාසයේ උත්පත්තිය ලද අයයි. විශේෂයෙන්ම අගෝස්තුව කියන්නෙ දක්ෂ රාජ්‍ය ත්‍රාන්ත්‍රිකයන්ට වගේම සැබෑ මානවවාදී දේශපාලකයන්ට මෙලොව ජන්ම ලාභය ලබන්න කියාපු මාසයක්.

ත්‍රිවංක අතින් බැලුවත් ජූලි 21-අගෝස්තු 20 අතර ලොකු කෑල්ල අයිති වෙන්නේ ගිනි ත්‍රිවංකයට. ගිනි ත්‍රිවංකයේ අය හරි වේගවත් වගේම ජව සම්පන්නයි.

ක්‍රීඩාවට වගේම රතී ක්‍රීඩාවටත් උණ රෝග, උෂ්ණ රෝග වගේ දේවල්වලටත් පහසුවෙන් ගොදුරු වෙනවා. උණ රෝග ලෙහෙසියෙන් සුවය ලබන්නේ නෑ විතරක් නෙවෙයි ඩෙංගු වැනි රෝගයකට ගොදුරු වුණොත් ඩෙංගු රක්තපාත තත්ත්වය දක්වා එය උත්සන්න වීම වළක්වා ගැනීමට විශේෂ අවධානයක් යොමු කළ යුතු වෙනවා.

ආතරයිටීස් අවදානමත් වැඩියෙන් තියෙනවා. අගෝස්තු 21 ත් 28 ත් අතර කාලේ වැටෙන්නේ පඨවි ත්‍රිවංකයට. පඨවි ත්‍රිවංකයේ අය භූමිය සම්බන්ධ වැටීම් තැලීම්වලට ගොදුරු වෙනවා වැඩියි.

ඒ වගේම අගෝස්තුව තිර රාශියක්, තේජෝ රාශියක් විතරක් නෙවෙයි පුරුෂ රාශියක් කියන එකත් සාමාන්‍ය ජ්‍යොතිෂ සිද්ධාන්තවලට ගළපා ගන්න අමතක කරන්නත් එපා.

ඉතින් ඔයාගේ පෙම්වතා-පෙම්වතිය, හිතවතා - හිතවතිය එහෙමත් නැත්නම් ඔයාගේ ස්වාමියා නැත්නම් ඇතැම් විට සේවකයා වුණත් විශේෂයෙන් අගෝස්තුවේ එහෙම නැත්නම් රවි බලවත් කෙනෙක් නම් ඒ අයව පරිස්සමෙන් ආම්බාම් කරන්න වෙනවා.

අනික් අයගේ කැපවීම තමා වෙත ගන්නත් තමන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන්නත් මේ හරි රුසියෝ. පිරිස් බලයෙන් පවා අනූන මේ ඇත්තන් ඕනෑම දුෂ්කර වාතාවරණයකදී පවා පිරිවර තනි කරන්නේ නෑ.

හොඳම උදාහරණයක් තමයි අගෝස්තුවේ උපන් නැපෝලියන් අධිරාජ්‍යයා. අධිරාජ්‍යයේ හිමිකාරීත්වය උත්සහයෙන් ලබාගත් ඔහු ඇත්තටම හමුදාවේ හිටපු නිකම්ම සාමාන්‍ය සෙබළෙක් විතරයි කියාලා ඇහැව්වම බොහෝ දෙනෙක් ඒක පිළිගන්න එකක්වත් නෑ.

මේ අයගේ උතුම් ම ගුණාංගය තමයි තමන්ගේ හිතවතුන් ආරක්ෂා කර ගන්න දිවි හිමියෙන් කැපවන එක. වරදක් වුණත් වගකීම තමන්ම භාර අරගෙන තමන්ටම දෝෂාරෝපණය කර ගන්නවා විතරයි. අනුන්ව විශ්වාස කරලා වුණත් වැඩි වශයෙන් හිමි කරගන්න වෙන්නෙත් හිත් තැවුල් විතරයි. ඒ ගැන නොතැවෙන එකම තමයි හොඳ.

මහා පරිමාණ ව්‍යාපෘති හේතුවෙන් ජනතාවගේ ගෞරවයට පාත්‍ර වන්න පවා වරම් ලබනවා. ඔට්ටු ක්‍රීඩා හා ආයෝජන වගේම නීත්‍යාණුකූල රැකියාවලින් සාර්ථකත්වය ලබා වාසානාවන්ත දිවියකට හිමිකම් කියනවා. වැඩිහිටි අයගෙන් බොහෝ ලාභ ප්‍රයෝජන පවා ලබනවා. සිත නොසන්සුන් විට අසනීප පවා බහුල වනවා. හිරු එළිය වගේම නිදහස් පරිසරය මොවුන්ට දිව ඔසුවක්.

සුබසෙත පුවත්පත ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top