හැබැයි මේ කතාව දැක්කොත් නම් ඒ මතය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා සහතිකයි.
අපේ රටේ සිනමාවට අමතක නොවන දැවැන්ත නිර්මාණ රැසක් දායාද කරපු ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ දිනේෂ් ප්‍රියසාද්ගේ උපන්දිනය යෙදිලා තියෙන්නේ අද දවසේ. පවුලේ හැමෝගෙන්ම ආදරණීය සුබපැතුම් ගලාගෙන එද්දී, දිනක්ෂිගේ ආදරණීය සැමියා, එහෙමත් නැත්නම් අපේ රටේ ජනප්‍රියම රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර අද දවසේ සිය මාමණ්ඩියට සුබ පතලා තිබුණේ මුළු සයිබර් අවකාශයම එක මොහොතකට හිනස්සවමින්.
දිනේෂ් ප්‍රියසාද් අධ්‍යක්ෂණය කරපු අතිශය ජනප්‍රිය සිනමා නිර්මාණවල නම් එක පෙළට ගළපමින් සාරංග මුහුණුපොතට එක් කළ මේ අමුතුම උපන්දින සටහන, ඕනෑම කෙනෙකුට එක හුස්මට කියවලා හිත පිරෙන්න හිනාවෙන්න පුළුවන් තරම් අපූරුයි.
"අපේ පවුලේ නොම්මර එකයි කියලා කියන්න පුළුවන් එකම මනුස්සයාට…!
දිනේෂ් ප්‍රියසාද් උතුමාණනි...
සිනමාවේ පෙරළිකාරයෝ හදපු ඔබ, ගෙදරදීත් අපිව හොඳ හොඳ සෙල්ලම් වලට අල්ලගන්න එකේ නම් තාමත් නොම්මර එකයි!
ඔබේ චිත්‍රපට බලපු අයට ඩබල් ට්‍රබල් කියන්නේ චිත්‍රපටයක්… අපි බෑණලාට නම් ඒක දිනපතා අත්දැකීමක්!
වරදට දඬුවම් තියෙන නිසා, මේ post එකේ වැඩිය දෙයක් කියන්නත් බයයි!"
හාස්‍යය උපරිමයෙන්ම පිරුණු මේ සටහන මැද්දේ සාරංග තමන්ගේ හදවතේ තියෙන සැබෑ ආදරයත් ලස්සනට වචනවලට පෙරළන්න අමතක කළේ නැහැ. දිනක්ෂිගේ අත අරගෙන මේ පවුලට ආපු දවසේ ඉඳන් දිනේෂ් ප්‍රියසාද් කියන්නේ තමන්ට මාමණ්ඩි කෙනෙක්ට වඩා අයියෙක්, ඕනෑම දෙයක් කතා කරන්න පුළුවන් හොඳම යාළුවෙක් වගේම ජීවිතේට ගොඩක් දේවල් කියාදෙන ගුරුවරයෙක් බව සාරංග කියන්නේ හරිම ආඩම්බරයෙන්.
"ඔබ සිනමාවට දෙමෝදර පාලමක් හදලා මිනිස්සු එකතු කළා වගේ, අපේ පවුලත් ආදරයෙන් එකතු කරගෙන ඉන්න ඔබට අපි හැමෝගෙම ආදරය සහ ගෞරවය තියෙනවා.
ඒ නිසා අද අපායේ තත්පර අසූහාරදාහක් වගේ දවසක් නොවී, පාරාදීසයක් වගේ ලස්සන උපන්දිනයක් වේවා!
සුභ උපන්දිනයක් අපේ දිනේෂ් තාත්තේ!
ඉදිරියටත් තවත් පෙරළිකාර නිර්මාණ කරන්න, අපිට තවත් ඩබල් ට්‍රබල් දෙන්න, ඒත්… බෑණාට වරදට දඬුවම් නම් ටිකක් අඩු කරන්න! ආදරෙයි!"
අද දවසේ සිනමාත්මක වචන සෙල්ලමකින් සාරංග තබපු මේ ආදරණීය උපන්දින සුබපැතුම, මේ වෙද්දී රසිකයන් අතරේ විතරක් නෙවෙයි, කලා ලෝකයේ තරු අතරෙත් නොසෑහෙන්න ආදරයෙන් ෂෙයාර් වෙනවා.

