එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලොක් බහාදූර් ඡෙත්‍රි (Lok Bahadur Chhetri) මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, සහාය ලබාදීමට විදේශීය රටවල් ඉදිරිපත්වීම සාමාන්‍ය තත්ත්වයක් වුවද, නේපාල ආරක්ෂක අංශ විසින් දැනටමත් සෙවුම් සහ මුදාගැනීමේ කටයුතු සාර්ථකව සිදුකරමින් පවතින බැවින් දැනට එවැනි විදේශීය සහායක අවශ්‍යතාවයක් නොමැති බවයි.
එමෙන්ම, මේ අතර ඉන්දියාව, චීනය, එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ජපානය, දකුණු කොරියාව, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය යන රටවල් තම මුදාගැනීමේ කණ්ඩායම් මෙම මෙහෙයුම් සඳහා සහභාගී කරවීමට අවසර ඉල්ලා ඇති බවයි 'කත්මණ්ඩු පෝස්ට්' (The Kathmandu Post) පුවත්පත වාර්තා කර තිබෙන්නේ.
කෙසේවෙතත්, නේපාල රජය විසින් අදාළ මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව කළමනාකරණය කරමින් පවතින බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරනවා.