ඒ තමයි ඉතිහාසයේ පළමුවතාවට ශ්‍රී ලංකාවේ නැවුම් අන්නාසි පාකිස්තාන වෙළෙඳපොළට අපනයනය කිරීමේ කටයුත්ත අද දවසේදී නිල වශයෙන් ආරම්භ වීම...
මේ විශේෂ ව්‍යාපෘතිය වෙනුවෙන් පළමු අන්නාසි තොගය ඇසුරුම් කිරීමේ කටයුතු අද දිනයේදී ඉතාම සාර්ථකව සිදු කර තිබෙනවා.
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ කොළඹ පිහිටි පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලය ඇතුළු ප්‍රධාන අංශ කිහිපයක පූර්ණ සහයෝගය ඇතිවයි මේ ඓතිහාසික පියවර ක්‍රියාත්මක වෙන්නේ.
පාකිස්තානය කියන්නේ අන්නාසි සඳහා ලෝකයේ තියෙන දැවැන්තම ඉල්ලුමක් තියෙන රටක්. ඔවුන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 10 කට අධික අන්නාසි ප්‍රමාණයක් වෙනත් රටවලින් ආනයනය කරනවා.
මෙතෙක් කාලයක් ඒ දැවැන්ත වෙළෙඳපොළේ ආධිපත්‍යය පතුරුවාගෙන හිටියේ තායිලන්තය සහ පිලිපීනය විතරයි. හැබැයි ඒ බලය බිඳිමින්, අපේ රටට ඩොලර් ගලාගෙන එන අලුත්ම මාවතක් විවර කරමින් ලංකාවේ අන්නාසි දැන් පාකිස්තානය ආක්‍රමණය කරන්න සූදානම්...