ඇගේ වියෝව වෙනුවෙන් සිය සංවේගය පළ කරන කලාකරුවන් අතර, ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දියණිය වන මාධවී ඇන්තනී සිය මුහුණුපොතේ තබා තිබූ හැඟුම්බර සටහන කාගේත් නෙත් අගට කඳුළක් එක් කිරීමට සමත් වුණා...
මාධවී සිය අතීත මතක ආවර්ජනය කරමින් සටහන් කර තිබුණේ සිය ළමා වියේ සුන්දර මතකයක් ගැනය. "ඒ වෙද්දි මට වයස අවුරුදු 7ක් 8ක් විතර ඇති. ගුවන්විදුලි පටිගත කිරීමක් වෙනුවෙන් 'අද පමණක් නොවේ අපට හෙටක් තියෙනවා' ගීතය ගායනා කරන්න මට පැවරිලා තිබුණා. අම්මයි අප්පච්චියි මාව නන්දා නැන්දා ළඟට එක්කගෙන ගිහින් ඒ ගීතය නිවැරදිව ගායනා කරන විදිහ ගැන ඇගෙන් මට ගුරුහරුකම් අරන් දුන්නා," යනුවෙන් ඇය එම සටහනේ දක්වා තිබුණි.
මාධවී තැබූ ඒ සටහන;
"ගුවන්විදුලියේ පටිගතකිරීමක් වෙනුවෙන් ළමා ගායිකාවක් විදිහට "අද පමනක් නොවේ අපට හෙටක් තියෙනවා" ගීතය ගයන්න මට පැවරිලා තිබුණා. එතකොට මට වයස 7-8ක් ඇති. අම්මයි අප්පච්චියි නන්දා නැන්දා ලඟට මාව එක්කන් ගිහින් ඒ ගීය හරි විදිහට ගයන හැටි ගැන ඇගෙන් ගුරුහරුකම් අරන් දුන්නා.
එදා හඳුනාගත් දා සිට මේ දක්වා සුදු පරවියෙක් වගේ සුදු හැර වෙන කිසි පාටකින් ඈ සැරසිලා ඉන්නවා මම දැකලා නෑ. ඒත් පාට නැති අඩුවක් දැනිලත් නෑ. හැබැයි අදින් පස්සෙ නන්දා නැන්දා නැති අඩුව හැමදාටම තියෙයි. නිවනින් සැනහෙන්න නැන්දා ..."
ඇය මේ සටහනත් එක්කම ආචාර්ය නන්දා මාලනිය සමඟ ගත් පින්තුරයක් ද මුහුණු පොත හරහා හුවමාරු කරගෙන තිබුණා.... ඇය ඒ පින්තුරය ගැනද මෙන්න මේ වගේ දෙයක් කියලා තිබුණා...
"මේ පින්තූරය ගත්තෙ අප්පච්චි අනතුරට ලක් වෙලා ප්‍රතිකාර ලබමින් ඉස්පිරිතාලෙ ඉද්දි අපායගෝචර නරුමයන් ලෙඩ ඇඳ ඉල්ලමින් වැළලෙනකොට අප්පච්චි වෙනුවෙන් නන්දා නැන්දා ඇතුලු පිරිස සංවිධානය කරපු දානමය පිංකමකදියි"