ඒ තමයි කාගෙත් ඇස් උඩ ඉන්දවමින් කරළියට ආපු අති නවීන ජලජ රොබෝ මත්ස්‍යයා...
බැලූ බැල්මට සැබෑ මත්ස්‍යයකුට බෙහෙවින් සමාන මේ අපූරු නිර්මාණය මේ වන විටත් කාගේත් දැඩි අවධානය දිනාගෙන අවසන්. මේ රොබෝ මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් දෙකක් විතරයි. එක පාරක් චාර්ජ් කළාම පැය පහකට අධික කාලයක් නොනවත්වා ජලය යට පිහිනන්න පුළුවන්.
මේ මාළුවාගේ කට ඇතුළේ විශේෂ අධෝරක්ත හඳුනාගැනීමේ තාක්ෂණයක් සවි කරලා තියෙනවා. ඒකෙන් වතුර යට තියෙන ගල්, ජලජ පැළෑටි වගේ ඕනෑම බාධකයක් කලින්ම අඳුරගෙන ලස්සනට මඟහැරලා යන්න පුළුවන්.
විශාල උපකරණවලටවත් යන්න බැරි ඉතාම පටු තැන්වලට කිසිම බාධාවක් නැතුව රිංගලා, මිනිස්සුන්ට කරන්න බැරි නිරීක්ෂණ කටයුතු තනියම කරලා දෙන්න මේ පුංචි රොබෝ මාළුවාට තියෙන්නේ පුදුම හැකියාවක්....