ඒ, කැමරූන් දේශසීමාව ආසන්නයේ බටහිර ප්‍රදේශයේ පිහිටි කුඩා පරිමාණ රන් ආකරයක් එකවර කඩා වැටීමෙන් පුද්ගලයින් 100 දෙනෙකුට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීමක්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මියගිය පුද්ගලයින් 100 දෙනාගේ සිරුරු මේ වන විටත් සොයාගෙන ඇති අතර, තවත් පිරිසක් පස් යට සිරවී අතුරුදන්ව සිටිනවා.
භූගතව හාරා තිබූ රන් කැණීම් උමං මාර්ග කිහිපයක් එකවර බිඳ වැටීම මෙම මහා විපතට හේතුව බවයි මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.
පස් ගොඩවල් අතර සිරවී සිටින අනෙක් පිරිස බේරාගැනීම සඳහා රතු කුරුස සංවිධානයේ සහන කණ්ඩායම් සහ ප්‍රදේශවාසීන් එක්ව දැවැන්ත මෙහෙයුමක් මේ වන විටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් සිටින බව සඳහන්.