ඇය දැනට විදේශගතව සිටින අතර, තමන් සම්බන්ධයෙන් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන ෆේස්බුක් පිටු ඉලක්ක කර ගනිමින් ඇය මෙම සටහන තබා තිබෙනවා...
සංවිධානාත්මක අපරාධකරුවෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් 'ගණේමුල්ල සංජීව' සහ සිරාන් බාසිත් යන අයගේ අරමුදල් සම්බන්ධයෙන් පැතිරෙන කතා මුළුමනින්ම ප්‍රතික්ෂේප කරන ඇය, තමන් සතු වන්නේ ස්වයං උත්සාහයෙන් උපයාගත් මුදල් පමණක් බවයි අවධාරණය කරන්නේ.
පියුමි හංසමාලි තැබූ එම මුහුණුපොත සටහන පහතින්...
"අමාරු වෙයි මාව වට්ටන්න... මම වැටිලා නැගිටපු ගැහැනියක්. මම ලංකාවෙ නැ... මුලින්ම කියන්නම්. අද උදෑසන නැගිටිනකොට හැමතැනම මේ news කන්න නැති හිඟන page කාරයින් මාව පාවිච්චි කරනවා. කවුද සිරාන් බාසිත් කියලා මම දන්නෙත් නැ.. ලමයි promise. පද්මෙව නම් හම්බුනා dubai වලදි ඒකත් අවුරුදු උත්සවෙදි දැනගත්තේ. ඒත් කවදාවත් කිසිම ගනුදෙනුවක් කරලා නැ. ඒක CID මහත්තුරු ඉඳලම දන්නවා, මම ගිහින් කටඋත්තරයක් ඒ ගැන දීලා ආවා. ඒත් මේ කවුද කියලා මම ඇත්තටම දන්නේ නැ. මම කවදාවත් බොරු කියන ගැහැනියක් නෙවෙයි, මම බොරු කියන්නේ නැ. ඒක මාව ඇසුරු කරන මගේ නෑදෑයන් මිතුරන් සියලුම දෙනා දන්නවා.. ඉතිං හිඟන page කාරයන් වැඩක් බලාගත්තා නම් හොඳයි. ඔය කියන මනුස්සයාගේ සල්ලි නම් මගේ ලඟ තියෙන්නේ ඒවා රාජසන්තක කරයි නේ... මට එන්න කියයි නේ CID එකෙන්. ඔය ලමයි දැන් කලබල නැතුව ඉන්නකෝ...මා සතුව ඇත්තේ මා විසින් හම්බ කරපු මගේ Piumi Skin එකේ සල්ලි පමනයි. දවසක දියුණු වෙන්න ඕනේ ඇත්තමයි, මම දියුණු වුනා වගේ. . Its me piumi hansamali "