හැබැයි පහුගිය දවස්වල ඔහුගේ අලුත් පෙනුම, ඒ කියන්නේ සෑහෙන්න වවාපු රැවුල දැකලා ගොඩක් රසිකයෝ ටිකක් කලබල වෙලා. සමහරු හිතලා තිබුණේ ඔහුට අසනීපයක්වත්ද කියලා. ඒ නිසාම "අනේ රැවුල කපාගන්නකෝ" කියලා ඔහුට නිතරම පණිවිඩ ලැබෙන්න පටන් අරන්.
මේ ගැන හැමෝම අහන නිසා, කුමාර තිරිමාදුර තමන්ගේ ෆේස්බුක් ගිණුමේ අපූරු සටහනක් තබමින් මේ රැවුලේ රහස හෙළි කරලා තියෙනවා.
රැවුල වවන්නේ ලෙඩ වෙලා නෙවෙයි, මේක අලුත් වැඩක්!
ඔහු කියන විදියට මේ රැවුල වවන්නේ වෙන මුකුත් නිසා නෙවෙයි, ප්‍රේක්ෂකයින් ආදරෙන් වැළඳගත් චිත්‍රපට මාලාවක මීළඟ දිගහැරුම වන ධර්ම යුද්ධය 3 චිත්‍රපටයේ රූගත කිරීම් වෙනුවෙන්.
"නළුවෙක්ට තමන්ගේ රූපය හැමදාම තමන්ට ඕන විදිහට තියාගන්න බෑ. අපි කරන චරිතය, ඉදිරි චිත්‍රපටය, ඒ චරිතයට අවශ්‍ය පෙනුම අනුව තමයි රැවුල, කොණ්ඩය, ඇඳුම් පැළඳුම්… හැමදේම වෙනස් කරගන්න වෙන්නේ." යනුවෙන් ඔහු රංගන ශිල්පියෙකුගේ කැපවීම ගැන එහි අපූරුවට සටහන් කර තිබුණා.
"ඔයාලගේ ආදරේට ගොඩක් ස්තූතියි!"
තමන්ගේ රූපය ගැන හිතලා, වටිනා කාලය මිඩංගු කරලා පණිවිඩ එවපු සියලු දෙනාටම ඔහු සිය හදපිරි ස්තූතිය පුද කරලා තියෙනවා. රසිකයන්ගේ මේ විමසීම් පිටුපස තියෙන්නේ තමන්ට තියෙන ආදරය බව ඔහු දන්නා බවත් පවසා තිබුණා. ඒ වගේම තමන් ඉතාමත් නිරෝගීව, සතුටින් පවුලේ අය සහ මිත්‍ර නළු නිළියන් එක්ක කාලය ගත කරන බවත් ඔහු රසිකයින්ට සහතික වෙනවා.
ඒ නිසා තිරිමාදුරගේ රැවුල ගැන හිතලා මින් ඉදිරියට කවුරුත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඔහු මේ සටහන අවසන් කරලා තිබුණේ හරිම අපූරු කතාවකින්;
"මේ රැවුලටත් කතාවක් තියෙනවා. ඒ කතාව ඉවර වෙනකම් රැවුල මෙහෙමම තියෙයි" කියලයි..