හිරු ටීවී නාලිකාවේ විකාශනය වන 'රොන් සොයා' ටෙලිනාට්‍යය හරහා ඔහු මේ දිනවල ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගනිමින් සිටිනවා.
මෙම ටෙලිනාට්‍යයේ චතුරංගගේ පියාගේ චරිතයට පණ පොවන්නේ කාගේත් ආදරය දිනාගත් ප්‍රවීණ රංගන ශිල්පී චන්දික නානායක්කාර විසිනුයි. මේ දෙපළගේ තිරයේ බැඳීම වගේම සැබෑ ජීවිතයේ බැඳීමත් කොතරම් සුන්දරද කියන එක පෙන්වන අපූරු සිදුවීමක් පසුගියදා සමාජ මාධ්‍යයේ කතාබහට ලක්වුණා.
ඒ චතුරංග සිය ෆේස්බුක් ගිණුමේ චන්දික නානායක්කාර සමග ගත් ආදරණීය ඡායාරූපයක් පළ කිරීමත් සමගයි. තමන්ගේ තිරයේ පියා එක්ක ඉන්න මේ ලස්සන ඡායාරූපයට චතුරංග අපූරු සටහනකුත් එකතු කර තිබුණා. ඒ "Everyone loves our father" කියලයි.
මේ ආදරණීය පෝස්ට් එක දැකපු චතුරංගගේ තිරයේ තාත්තා, එහෙමත් නැත්නම් චන්දික නානායක්කාර ඊට ඉතාමත් සංවේදී වගේම ආදරණීය ප්‍රතිචාරයක් දක්වා තිබුණා. එය දැක්කම ඕනෑම කෙනෙකුගේ හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක් වගේම ආදරයක්. ඔහු එහි මෙලෙස සටහන් කර තිබුණා.
"ජීවිතේ එක්තරා කාලයකට හරි ඒ වෙලාවට ඔයා මට ඇත්තටම මට මගේ පුතෙක් වගේ තමයි.. ඔයාගෙ සතුට තමයි මගේ සතුට... ඔයා දවසින් දවස ජනප්‍රිය වෙනකොට, හොද නළුවෙක් වෙනකොට, සම්මාන ගන්නකොට මම හදවතින්ම සතුටුවෙනවා... ඔබට සුබ අනාගතයක් වේවා......"
කලා ක්ෂේත්‍රය තුළ මෙවැනි සුන්දර බැඳීම් දකින්න ලැබෙන්නේ ඉතා කලාතුරකින්. තිරයේ තාත්තයි පුතයි විදිහට රඟපාන මේ දෙන්නා සැබෑ ජීවිතයෙත් ඒ පිය - පුතු ආදරය ඒ විදිහටම බෙදාගන්නා බව මේ සටහනින් මනාව ඔප්පු වෙනවා.
චන්දික නානායක්කාර කියන ප්‍රවීණ රංගන ශිල්පියාගේ නිහතමානීකමත්, නව පරපුරේ රංගන ශිල්පියෙකුට ඔහු ලබාදෙන මේ අපූරු දිරිගැන්වීමත්, චතුරංගගේ ඇති ආදරණීය ගතිගුණත් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්වෙමින් තිබෙනවා.
