තමන්ගේ වෙනස්ම විදියේ වීඩියෝ නිර්මාණ සහ අලුත් අදහස් නිසාම තරුණ පරපුරේ වැඩිම ආකර්ෂණයක් දිනාගන්න අශේන්ට පුළුවන් වුණා. නිතරම අලුත් දෙයක් කරන්න උත්සාහ කරන අශේන්, මේ වෙද්දී ලංකාවේ විතරක් නෙවෙයි ලෝකය පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන් අතර ඉතාමත් ජනප්‍රිය චරිතයක් බවට පත්වෙලා හමාරයි.
ඔන්න ඉතින් මේ කොයි කවුරුත් ආදරය කරන අශේන්ගේ මුහුණු පොත හරහා සිය ආදරණීය පවුලේ අය සමඟ ගත් හරිම ලස්සන, ආකර්ෂණීය ඡායාරූප එකතුවක් දකින්න ලැබුණා.
පවුලේ අයත් එක්ක ගෙවන ඒ සුන්දර, ආදරණීය මොහොතවල් දැකපු බොහෝ දෙනෙක් අශේන්ගේ පවුලට සුබ පතමින් ආදරණීය ප්‍රතිචාර එකතු කර තිබෙනුත් දැකගත හැකි වුණා.
ඔයාලත් බලන්නකෝ සමාජ මාධ්‍ය හොල්ලන අශේන්ගේ පවුලේ ඒ ආදරණීය ඡායාරූප එකතුව කොහොමද කියලා...
