කාලය කොතරම් වේගයෙන් ගෙවී ගියත් එතුමාගේ අඩුව පවුලේ අයට වගේම කලා ක්ෂේත්‍රයටත්, මුළු රටටත් තවමත් තදින්ම දැනෙනවා.
මේ බව වඩාත් හොඳින් හැඟෙන්නේ එතුමාගේ ආදරණීය දියණිය අද දිනයේ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ අතිශය සංවේදී සටහන දැක්කමයි.
පිය සෙනෙහස අහිමි වූ දියණියකගේ වේදනාව අකුරු කරමින් ඇය සිය ෆේස්බුක් ගිණුමේ මෙලෙස සටහන් කර තිබුණා:
"මගේ තාත්තු, දැන් අවුරුදු 10ක් ගතවෙලා. ඔයාව නැතිවුණු දවසේ මට මගේ ජීවිතේ හැමදේම නැතිවුණා. ඔයා නැතුව මම තාමත් ඉන්නේ අතරමං වෙලා. ඔයා හැමදාමත් සදහටම මගේ හදවතේ ඉඳීවි. මම ඔයාට ගොඩක් ආදරෙයි.. ගෙවෙන හැම දවසකම මට ඔයාව ගොඩක් පාළුයි..."
දියණියකගේ මේ වචන පෙළ දකින ඕනෑම කෙනෙකුගේ දෙනෙතට කඳුළක් නැගෙනවා නොඅනුමානයි. පියා සහ දියණිය අතර තිබූ ඒ ගැඹුරු බැඳීම මේ කෙටි සටහනින් කොතරම් හොඳින් පිළිඹිබු වෙනවාද යන්න එය කියවන කාටත් වැටහෙනවා ඇති.
වේදිකාව, පුංචි තිරය සහ රිදී තිරය එකසේ ජයගනිමින් අග්‍රගන්‍ය කලාකරුවෙකු ලෙස ප්‍රේක්ෂක හදවත් දිනාගත් විජය නන්දසිරි නම් වූ ඒ ආදරණීය මිනිසා අද අප අතර නැතත්, එතුමා අපට දායාද කළ ඒ සුන්දර මතකයන් සහ සිනහව කිසිදා අපේ සිත්වලින් මැකී යන්නේ නැහැ!