ඉන්දියාවේ බුද්ධගයාව වැනි අතිපූජනීය ස්ථාන බෞද්ධයන් වෙනුවෙන් සුරක්ෂිත කර දෙමින්, ලෝකවාසී බෞද්ධ ජනතාවගේ ගෞරවාදරයට පාත්‍ර වූ උන්වහන්සේ, මෙරට ජාතික හා ආගමික පුනරුදයේ පෙරගමන්කරුවා ලෙසයි ඉතිහාසයට එක්වන්නේ.
1864 සැප්තැම්බර් 17 වැනිදා දොන් ඩේවිඩ් හේවාවිතාරණ නමින් උපත ලැබූ ධර්මපාලතුමන්, 1933 අප්‍රේල් 29 වැනිදා අප අතරින් සමුගත්තේ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවම මහත් සංවේගයට පත් කරමිනි.
එදා උන්වහන්සේ තැබූ ජාතික සහ ආගමික පදනම අදටත් මුළු ශ්‍රී ලංකාවටම මහඟු ආදර්ශයක්...