දිවයිනේ ප්‍රදේශ රැසකට අද දිනයේත් වැසි ඇදහැලෙන බවටයි තොරතුරු වාර්තා වෙන්නේ.
විශේෂයෙන්ම දිස්ත්‍රික්ක කිහිපයකට මිලිමීටර් 50 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන නිසා, කුඩයක් හෝ වැහි කබායක් අතැතිව තබා ගැනීම අනිවාර්යයි!
කාලගුණ අනාවැකියට අනුව බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට විටින් විට වැසි ඇදහැලෙනු ඇත. ඒ අතරිනුත් පහත ප්‍රදේශවලට විශේෂ අවධානයක් යොමු විය යුතුයි..
ගාල්ල සහ මාතර
කළුතර සහ රත්නපුර
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවට නිවේදනය කෙරේ.
නුවර සහ නුවරඑළිය පැත්තට: වයඹ පළාතෙත්, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.
හවසට ගොරවලා වහින තැන්: ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට පස්වරු 1.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැක.
වැස්සත් එක්කම හිටිහැටියේ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ දරුණු අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලා සිටියි.