මෙම තත්ත්වය හේතුවෙන් උඩදුම්බර, තලගුණේ ප්‍රදේශයේ පිහිටි සුළං සහිත අවස්ථාවලදී ජලය උඩු අතට ගමන් කරන විරල සුවිශේෂී ස්වාභාවික දසුනක් මවන සුප්‍රකට "ඇල්ලේගල දිය ඇල්ල" ද මේ වන විට ජල බිඳක් හෝ නොමැතිව සම්පූර්ණයෙන්ම හිඳී ගොස් තිබෙනවා.
සාමාන්‍යයෙන් මෙම කාලසීමාව තුළ ඇල්ලේගල දිය ඇල්ල මෙලෙස හිඳී නොයන නමුත්, එල්නිනෝ කාලගුණික තත්ත්වයේ දරුණු බලපෑම හේතුවෙන් මෙලෙස දිය ඇල්ල වියළී ගොස් ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
පවතින දැඩි වියළි කාලගුණය හමුවේ ප්‍රදේශවාසීන්ට පානීය ජලය ලබාගැනීමට මෙන්ම කෘෂිකාර්මික කටයුතු පවත්වාගෙන යාමටද දැඩි බාධා එල්ල වී ඇති අතර, වගාවන් සඳහා ජලය නොමැති වීමෙන් ප්‍රදේශයේ ගොවීන් ද මේ වන විට දැඩි අර්බුදයකට ලක්ව සිටිනවා.