කොග්ගල නිදහස් වෙළෙඳ කලාපයේදී පැවැති මෙම උත්සවය සඳහා කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රධානත්වයෙන් එක්ව සිටියා.
"ඕෂන් වොයේජර් ඉන්ටර්නැෂනල්" (Ocean Voyager Inteational) සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම යාත්‍රාව, මෙරට නාවික නිෂ්පාදන ක්ෂේත්‍රයේ නව පුනරුදයක ආරම්භය සනිටුහන් කරන බවයි අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේ.
මේ පිළිබඳව සටහනක් තබමින් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසා සිටියේ මෙවැනි අදහසක්.
''ලෝකයේ ප්‍රධානතම නාවික මාර්ග මැද පිහිටි අප රටට, කෙටි කාලීනව වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා ගත හැකි ප්‍රධානතම ක්ෂේත්‍රයක් ලෙස බෝට්ටු සහ නැව් නිෂ්පාදන කර්මාන්තය හඳුනාගෙන තිබේ. අපගේ දක්ෂ ඉංජිනේරුවන්ගේ සහ සේවකයන්ගේ දායකත්වයෙන්, ශ්‍රී ලංකාව කලාපයේ නාවික නිෂ්පාදන මධ්‍යස්ථානයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සහ රජයේ පූර්ණ සහයෝගය ලබා දෙන්නෙමු.''