හැබැයි දැන් කාලය වෙනස් වෙලා. දශක දෙකහමාරකට පස්සේ, අමෙරිකානු ගුවන් තොටුපළවල ආරක්ෂක නීති මුළුමනින්ම උඩුයටිකුරු කරමින් අලුත්ම තීරණයක් අරගෙන තියෙනවා.
මෙච්චර කල් එයාර්පෝට් එකේ ෆ්ලයිට් එකට නගින තැනට (Gate) යන්න පුළුවන් වුණේ ටිකට් එකක් අතේ තියෙන අයට විතරයි. ආදරණීයයන්ට සමුදෙන්න ආපු අයට වුණේ එළියේ ඉඳන් අතවනන්න. හැබැයි මේ අලුත් වෙනසත් එක්ක, තමන්ගේ හිතවතුන්ව ෆ්ලයිට් එකට නග්ගලා ‘සුබ ගමන්’ කියන්න වගේම, එන අයව දොරකඩින්ම ආදරෙන් පිළිගන්න ගුවන් ටිකට්පත් නැති අයටත් කෙළින්ම Departure Gate එක ළඟටම යන්න අවස්ථාව ලැබෙනවා!
අමෙරිකානු ප්‍රවාහන ආරක්ෂක පරිපාලනය (TSA) ක්‍රියාත්මක කරන මේ 'Gateside' පහසුකම මුලින්ම හිමිවෙන්නේ TSA PreCheck හෝ Known Traveller Number තියෙන අයටයි. තමන්ට යන්න ඕන දවසට දින 1ත් 3ත් අතර කලින් ඔන්ලයින් ඇප්ලයි කරලා මේ අවසරය ගන්න පුළුවන්. දැනට එයාර්පෝට් 13ක මේ වැඩේ අත්හදා බලන්න නියමිතයි.
ඒ විතරක් නෙවෙයි, ඉස්සර වතුර බෝතලයක්වත් ගෙනියන්න නොදී විසි කරපු එකට තිත තියමින්, සම්පූර්ණයෙන්ම පිරවූ වතුර බෝතල් අරන් යන්නත් ඉදිරියේදී අවසර ලැබෙන්න ඉඩ තියෙන බවට ආරංචි පැතිරෙනවා. පහුගිය කාලේ සපත්තු ගලවන්න තිබ්බ නීතියත් අයින් කරපු නිසා, ගොඩක් වැඩිහිටි අය කියන්නේ "ආයෙත් පරණ ලස්සන කාලෙට එයාර්පෝට් එක හැරිලා" කියලයි.
හැබැයි මේකට සෝෂල් මීඩියාවල තරුණ පරපුරෙන් එල්ල වෙන්නේ වෙනස්ම කතාවක්. "ආරක්ෂාව බාල වෙයිද?", "ආයෙත් අනතුරක් වෙයිද?" කියලා සමහරු අහනවා. ඒත් ආරක්ෂක විශේෂඥයෝ කියන්නේ නවීන CT ස්කෑනර් තාක්ෂණය තියෙන නිසා මොන වගේ ද්‍රව පුපුරන ද්‍රව්‍යයක් වුණත් තප්පරෙන් අහුවෙන බවයි.
කොහොම වුණත් ආදරය කරන අයට තදින් බදාගෙන සමුදෙන්න බලාගෙන හිටපු අයට නම් මේක සුපිරි ආරංචියක් වෙලා ඉවරයි!