Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
06
"මට මගේ අම්මා වගේ චරිතවත් කාන්තාවක් වෙන්න බැරි වුනා ..." - සුසන්තිකා ජයසිංහ කියයි - Photos

- "මට මගේ අම්මා වගේ චරිතවත් කාන්තාවක් වෙන්න බැරි වුනා ..." - සුසන්තිකා ජයසිංහ කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1,389 Views
"ආදරේ නැතුව තනියම ජිවත් වෙනවා කිව්වට තනියම ජිවත් වෙලා බලන්න ඕන.."

"මම වරද තේරුම් ගන්නකොට වෙන්න ඕන දේවල් සිදු වෙලා ගද ගහලත් ඉවරයි.."

ආසියාවේ ගැහැණියකගේ හයිය ලෝකයටම ගෙන ගිය ඇය ශ්‍රී ලංකාව කියන පුංචි රටේ නම ලෝකය හමුවටද ගෙන ගියා. ඒ නිසාම ආසියාවේ කළු වෙළඹ නමින් ලෝකය හමුවේ නම පටබැදෙන්නටත් ඒ යකඩ ගැහැණියට හැකියාව ලැබුණා. 94 වර්ෂයේ සිට වර්ෂ 2009 පෙබරවාරි 5 දා දක්වා ශරීරයේ හයිය දෙපයින් පෙන්වමින් ජාත්‍යන්තරයට ගිය ඈ නමින් සුසන්තිකා ජයසිංහ. ලබන 8 වැනිදාට යෙදෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ඇය ගැන කියන්නේ මෙහෙමයි.

එදා ඔබ ශ්‍රී ලංකාව වගේ දුප්පත් රටක් නියෝජනය කරමින් ඔලිම්පික් මලල ක්‍රීඩා උළෙල නියෝජනය කළා පමණක් නොවෙයි එහි පදක්කමක් ඔබ සතු කරගන්න තරම් ඔබ ශක්ති සම්පන්න වුණා. ඒ සුවිශේෂී සිදුවීම ශ්‍රී ලංකාවටම සුවිශේෂී වුණා. ඒ ගෙවීගිය වසර 20ක කාලය දෙස යළිත් බලද්දී අද මොන වගේ හැගිමක්ද කාන්තාවක් විදිහට දැනෙන්නේ කියලා අපි මුලින්ම කතා කරමු..?
කාන්තාවක් විදිහට මට ඒ අතීතය ගැන දැනෙන්නේ අප්‍රමාණ සතුටක්. මම මලල ක්‍රීඩාවෙන් සමුඅරගෙන වසර 11ක් වෙනවා. නමුත් ඒ අතීතයේ වටිනාකම ඇත්තම කිව්වොත් දැනෙන්නේ දැන්. මගේ ප්‍රධාන අරමුණට ගිහින් ඒ ප්‍රාර්ථනාව ඉටු කරගත්ත එක ගැන මගේ හිතට අද ලොකුවට දැනෙනවා. ඒක ආඩම්බරකමට වඩා ලොකුවට මට දැනෙනවා. නමුත් අද වගේ කිසිම පහසුකමක් එදා අපිට තිබුණේ නැහැ, තාක්ෂණික පහසුකම් විතරක් නෙමෙයි ලෝකය ගැන අවබෝධයක් තිබුනෙත් නැහැ. අද පරම්පරාවට අපි හරි ඉන්නවා නොදන්නා දෙයක් කියා දෙන්න. නමුත් එදා අපිට කවුරුත් හිටියේ නැහැ. ඒ වගේම පසුබිමක හිතේ හයියෙන් ඒ ගමන ගිහින් අවබෝධයකින් යුතුව ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා මාතාවගේ අභිමානය පෙන්නු ක්‍රීඩිකාවක් වීම ගැන නිහතමානිව මම සතුටක් ලබනවා මගේ දරුවෝ දෙන්නා එක්ක.

දරුවෝ දෙන්නාට අම්මා ලෝකයම දිනු චරිතයක් බව වැටහෙනවද, සුසන්තිකා ජයසිංහ කියන රටම දන්න ලෝකයම කතා කළ ක්‍රීඩිකාව ගැන ඔවුන් මොනවාද කියන්නේ..?
මගේ පුතා රාජකීය විද්‍යාලයේ 6වැනි ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. දුව ඉගෙන ගන්නේ විශාකා විද්‍යාලයේ දෙවැනි ශ්‍රේණියේ. මේ දෙන්නා දකිනවා මම කොහේ ගියත් මට ලැබෙන ප්‍රතිචාර, ගෞරව කරන විදිහ. පාසලට ගියත්, පන්සලකට ගියත්, කඩේකට ගියත් බොහෝ දෙනා මාත් එක්ක කතා කරනවා. එතකොට පුතා මගෙන් අහනවා ඇයි අම්මේ අම්මට මිනිස්සු මෙචචර ආදරේ කරන්නේ කියලා. සලකන්නේ ගරු කරන්නේ මොන හේතුවකට කියලා අහනවා. පුතාගේ ඒ වචන මට ලොකු සතුටක් ගෙන එන්නේ. අම්මා ඔලිම්පික් කියන්නේ කොයි වගේ දෙයක්ද, එච්චර ලොකු දෙයකට අම්මා කොහොමද ගියේ වගේ ප්‍රශ්න අහනවා. එයාට හිතාගන්න බැහැ එයාගේ අම්මා ඒ වගේ කෙනෙක් කියලා.

ලෝකයක් දිනු කාන්තාවක් නිසා දරුවන්ට පාසලේදී වරදාන වරප්‍රසාද හිමි වෙනවත් ඇති..?
මම දරුවෝ දෙන්නගේ පංතිභාර ගුරුවරුන්ට මුලින්ම ගිහින් කිව්වා මගේ දරුවෝ දෙන්නා මොන වැරැද්ද කළත් දඩුවම් දෙන්න අනිත් ළමයින්ට වගේම කියලා. දුර්වල නම්, ඉගෙනීමේ වැඩකටයුතු කරන්නේ නැතිනම්, දග නම් කාගේ දරුවාද නොබලා දඩුවම් කරන්න කියලා. ඒ නිසා සුසන්තිකා ජයසිංහගේ දරුවාටත් අනිත් දරුවන්ට වගේම තමයි පාසලේදී සැලකිල්ල ලැබෙන්නේ. කිසිම වෙලාවක මම පාසලට ගිහින් කියන්නේ නැහැ මගේ දරුවාව ක්‍රීඩාවලට යොමු කරන්න, අරදේ කරන්න මේ දේ කරන්න කියලා.

අම්මා වගේම දරුවන්ටත් හිතේ ශක්තිය තියෙනවද ක්‍රීඩා ජිවිතේ පැත්තෙන්..?
මම ඔය ප්‍රශ්නයට හොද උදාහරණයක් දෙන්නම්. විශාකා පෙර පාසලේ ක්‍රීඩා උත්සවයේදී මගේ දුවට තවත් දියණියක් කියලා තියෙනවා ඔයාට දුවන්නවත් දන්නේ නැහැ. අම්මා ඔයාට දුවන්න උගන්වලා නැද්ද කියලා. මොකද දුව on your mark කියද්දී දුවලා ඉවර නිසා. ඒ නිසා මම මගේ දුවට තේරුම් කරලා දුන්නා පුතේ ඔයාට තවම වයස 6යි. දුවන්න තව කල් තියෙනවා. කරන්න එපා කියන දේවත් නොකර ඉන්නවත් අවබෝධයක් නැතුව ඒක තේරුම් ගන්නේ කොහොමද වයස 10ක් විතර වෙද්දී ඔයාට හිතුනොත් ඔයත් දුවන්න ඕන කියලා මම උගන්වන්නම් කියලා.

මම ඔලිම්පික් පදක්කම් ගත්තා කියලා මගේ දරුවෝ ක්‍රීඩා කරලා පදක්කම් ගන්න අවශ්‍ය නැහැ. ඒකට කැක්කුම හදවතින්ම එන්න ඕන. උනන්දුව දැඩි කැපකිරීම ඕන. මම එයාලට රසට උයලා දෙනවා, අඩුපාඩුකම් බලනවා. කිසිදෙයක් කරන්නන්වාලේ කරන්නේ නැහැ මම. මොකද මගේ අම්මා කිරි කපලා දුක්මහන්සි වෙලා නොවිදිලා දුක් විදලයි අපිව හැදුවේ. මගේ තාත්තා රියදුරෙක්. සුසන්තිකා කියන චරිතය සැපට කාලා, විටමින් බිලා, හොද සපත්තු දාලා දිව්වෙවත් ඉංග්‍රීසි කතා කරන පාසල්වලට ගිහින් ඉගෙන ගත්ත කෙනෙක්වත් නෙමෙයි. මගේ දරුවන්ට තියෙන සැප මට තිබ්බේ නැහැ. ඒ වගේම මම ලොකු වැඩක් කළාට මම ලොකු කෙනෙක් නෙමෙයි. ඒ නිසා මට ඕන මම වගේම මගේ දරුවොත් මේ මහපොළොවේ පයතියලා ජිවත් වෙන්නයි. .

යකඩ ගැහැනියක් විදිහට ලෝකය ඉදිරියට ගිය ඔබට දරාගන්න බැරි බාධක හමුවෙන්නත් ඇති..?
කාලෙන් කාලෙට විවිධ ප්‍රශ්න ආවා මට. අඩන්තේට්ටම්, ගෙරවිලි, දිවිල්ල තහනම් කරන්න, නොයෙකුත් වදහිංසා තිබුණා. ඒ හැමදේටම මුහුණ දෙන්න අම්මගෙන් තාත්තාගෙන් උරුම වුණු හිතේ හයිය මටත් තිබුනා. යම් කිසි කටයුත්තකට අවතීර්ණ වුනහම එය ඉවර කරලා සතුටක් ලබන තත්ත්වය අපිට තිබ්බා. හොර හිත ව්‍යාජ බව අපිට තිබ්බේ නැහැ. බොරුවක් කිව්වා නම් අහිංසක බොරුවක් අම්මට තාත්තට කියලා ඇති. වරදක් කරලා නැතිව කවුරු හරි චෝදනාවක් කරනවා නම් කාට වුණත් තරහක් එක්ක හිතට එන්නේ හයියක්. මටත් මොන දේ කළත් හිතේ හයිය තිබ්බා මේ ජිවිතේ දිනන්න ඕන කියන සිතුවිල්ලත් එක්ක. මම බාධක දිනුවේ එහෙමයි.

කාන්තාවක් විදිහට හැලහැප්පීම් එක්ක ජිවිතේ ගෙනයද්දී පුද්ගලික ජිවිතේ හසුරුවා ගත්තේ කොයි විදිහටද..?
ජිවිතේ යම් යම් වකවානු තුළ, ඒ වයස්ගත අවස්ථාවන් තුළ අපි තීරණ ගන්න ඉක්මන් වෙනවා. ඒ තීරණ වරදිනවා. සමහර වෙලාවට අපි තීරණ ගන්නේ නොදැනුවත්කමින්. තවත් වෙලාවකට අපි තීරණ ගන්නවා ජිවිතේට ඒ අවස්ථාව ලොකු වාසනාවක් භාගයක් කියලා හිතලා. අවුරුදු 15 ඉදලා දුක සැප, නින්දා, ප්‍රසංසා කියන සියල්ල එක්ක මම ජිවිතේ ගෙනියන්නේ. මට වැරදුනු තැන්වලදී මම කිසිම තැනක කිසි කෙනෙකුට වරදක් කියන්නේ නැහැ. මේ මම ලැබ උපන් හැටි කියලයි මම හිතන්නේ. ඒ වගේම කියන්න ඕන සුසන්තිකා ජයසිංහ කියන්නේ රටට ශ්‍රේෂ්ඨ කාන්තාවක් වුණත් මට මගේ අම්මා වගේ චරිතවත් කාන්තාවක් වෙන්න බැරි වුනා කියලා.

තාත්තා මාව ජාතක කළාට පස්සේ මගේ අම්මා මට අවුරුදු පහක් කිරිදිලා නොවිදිනා දුක් විදලා ලෝකය දිනන්න පාර පෙන්නුවා. ඒ පාර දිගේ සියලු බාධක බිදදමමින් ජිවිතේ ජයගත්තා. නමුත් මගේ අම්මගේ හයිය හා සියල්ල මට තිබුනට මගේ අම්මා වගේ මට චරිතවත් කාන්තාවක් වෙන්න බැරි වුනානේ කියන කම්පනය දුක මට තවමත් දැනෙනවා, නමුත් දැන් වැරදි අවම කරගෙන ජිවිතේ ඉදිරියට ගෙන යනවා.

ඔබේ ජිවිතේ දෙස බලා ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කාන්තාවන්ට කියන්න තියෙන්නේ මොනවාද..?
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් මම සියළුම කාන්තාවන්ට කියනවා කාන්තාවන් වුනු අපි කිසිම ප්‍රශ්නයකදී ඉක්මන් නොවිය යුතුයි කියලා. ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕන . අපිට වරදින්න වගේම වරදේ බැදෙන්න යන්නේ පොඩි වෙලාවයි. ඉවසීම වගේම වගකීම කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගෙන අනෙකා වැරදි කළත් තමන් වරදක් නොකර ජිවත් වෙනවා නම් ජීවිතේම සාර්ථකයි. වැරදෙන තැන් ඇහිරෙන විදිහට අපි ජිවත් වෙන්න ඕන. මගේ ජිවිතේ වැරදුනේ ඉවසන්න අවශ්‍ය තැන ඉවසීමෙන් කටයුතු නොකළ නිසයි. සතුට ක්‍ෂණයකින් එනවා ඒ සැණින් නැති වෙනවා. දුක හැමවෙලාවෙම එනවා. දැන් මම දුක වේදනාව තනිකම දරාගෙන මගේ අතින් වුනු වැරදි හදාගෙන දරුවෝ තුන්දෙනත් එක්ක ජිවත් වෙනවා.

වරද තේරුම් ගන්නකොට වෙන්න ඕන දේවල් සිදු වෙලා ගදගහලා ඉවරයි .කාන්තාවන්ට වැරදුනාම ඇගිල්ල දිගු කරන්න ලෙහෙසියි. නමුත් මම කියනවා පිරිමින්ට චෝදනා එල්ල නොකර කාන්තාවන් වූ අපි හැදෙමු. පවුල, දරුවෝ, දෙමාපියන්, සැමියා වෙනුවෙන් ඉවසලා කටයුතු කරමු.

මම මගේ ජිවිතේ අත්දැකීම් එක්ක මේ කතා කරන්නේ. සියල්ල අහිමි කරගෙන ජිවත් වෙන්න අමාරුයි.පවුල අපි රැකගමු සියල්ල කැප කර.

අද සමාජයේ දික්කසාද වුණු පිරිස වැඩි වශයෙන් දැකගන්න ලැබෙනවා. විවාහ ජිවිතයේ වගකීම් දරාගන්න බැරි බොහෝ දෙනා කියන්නේ තනිකඩ ජීවිතය සැනසුම්දායකයි කියලයි. ඇත්තටම පිරිමි කෙනෙකුගේ හව්හරණක් නැතිව තනිව ජීවිතය ගෙවන්න පහසුද.?
අවංක ආදරණිය පවුලක් එක්ක ජිවත් වෙන්න ලැබෙන එක තරම් සුවබර ජිවිතයක් තවත් නැහැ. ආදරේ නැතුව තනියම ජිවත් වෙනවා කිව්වට තනියම ජිවත් වෙලා බලන්න ඕන ඒ ජිවිතේ තියෙන නීරසකම කොයිතරම්ද කියලා. දරුවෝ පාසලට එක්කගෙන යන්න, ගෙදර සියලුම දේ බලා ගන්න, රැකියාවක් කරන්න, හම්බ කරන්න, පවුල නඩත්තු කරන්න තනි වුනු ගැහැණියකට කරන්න අමාරුයි. ස්වාමිපුරුෂයා ඉන්න ඕන ඒ සියල්ල බෙදාගන්න. එතකොට තමයි වගකීම අඩු වෙන්නේ. සැනසුම සතුට වැඩිවෙන්නේ. ඒ වගේම පිරිමියාගේ අගය ලග ඉන්නකොට තේරෙන්නේ නැති අවස්ථාත් තියෙනවා. ඒ අගය දැනෙන්න එයා ලග නැති වෙලා බලන්න ඕන. ඒ නිසා මම නම් කියන්නේ ගැහැණියට පිරිමියෙක් නැතුව මේ සමාජයේ කොයි විදිහටවත් ජිවත් වෙන්න බැහැ කියලයි.

සංස්කෘතිය කියන බැම්ම ජිවිතයකට බලපාන්නේ කොයි විදිහටද කියලද ඔබ සිතන්නේ..?
සංස්කෘතිය හරියට වටිනවා මට නම්. අපේ හැදියාව, හික්මීම ඇති වෙන්නේ ඒ සංස්කෘතිය තුලින්. සංස්කෘතිය නිසා තමයි 75% ජිවිත සංවර වෙලා තියෙන්නේ. සුළු පිරිසක් වචනයෙන්, ක්‍රියාවෙන්, ඇදුමෙන් අසංවර නොවුණාට ජිවිත හැඩගැහෙන්නේ සංස්කෘතියත් එක.සල්ලි නැහැ කියලා දුප්පත් කියලා අපිව අනාථ නොකර අපේ දෙමාපියන් අපිව හැදුවේ පවුල රැක්කේ ඔය කියන සංස්කෘතික බැම්ම ජිවිතයට බලපෑම් කළ නිසයි.

අම්මා කෙනෙක් වශයෙන් අපිට පුළුවන් නම් අපේ දරුවෝ පන්සලට, පල්ලියට, පාසලට යවනකොට ඇදුම ගැන සැලකිලිමත් වෙලා යවන්න, ඒ වගේම දරුවෝ හසුරවද්දී අපේ ජිවිතේ වැරදුනු තැන් පෙන්වා දෙමින් ඒ මග නොයා ඉන්න උපදෙස් දෙමින් දරුවෝ හදන්න. ඒක වටිනවා. ඒ වගේම සංස්කෘතියට ජිවත් වුනොත් කාටවත් වරදින්නේ නැහැ.

කාන්තාවක් විදිහට පිරිමි පාර්ශවය ගැන ඔබට අවසන් වශයෙන් මොනවද කියන්න තියෙන්නේ කියලත් කියමු.?
පිරිමි පාර්ශවයට කියලා මට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ සමාජය තුල අණක් ගුණක් නැති අශිලාචාරව හැසිරෙන සත්තු ජාතියක් ඉන්නවා. ඒ වගේ ගැහැණුත් මේ සමාජයේ ඉන්නවා. ඒ නිසා පිරිමියාටම ඇගිල්ල දික් කරන්න බැහැ. කාන්තාවක් ගණිකාවක් වෙන්න පිරිමි බලපානවා කියලා කියනවා. ඒ කාන්තාව පිරිමියාගෙන් අනාථ වුණා කියලා ගණිකාවක් විදිහට හැසිරෙන්න ඕන නැහැ. සියල්ල අවබෝධ කරගෙන ජිවත් වෙන්න කාන්තාව වගේම පිරිමියා දැනගන්න ඕන කියලා තමයි මට කියන්න තියෙන්නේ.

හර්ෂණී වීරරත්න




Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top