Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
04
අධි රුධිර පීඩනය ඔබ හිතනවාට වඩා හානිදායක විය හැකියි.. සිතිය යුතු කාරණා කිහිපයක් ගැන ඇසෙන විශේෂ කතාවක් මෙන්න..

- අධි රුධිර පීඩනය ඔබ හිතනවාට වඩා හානිදායක විය හැකියි.. සිතිය යුතු කාරණා කිහිපයක් ගැන ඇසෙන විශේෂ කතාවක් මෙන්න..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

338 Views

මේ දවස්වල බොහෝ දෙනෙක් බෝ නොවන රෝග ගැන සැලකිලිමත්වන ස්වභාවයක් දැකගන්නට ලැබෙනවා. මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක්.

අධි රුධිර පීඩනය (High Blood Pressure) යනු බොහෝ දෙනෙකු අතර සුලබ එහෙත් අතිශය භයානක රෝගී තත්ත්වයක්.


එය "නිහඬ මාරයා" ලෙස හැඳින්වීමට ප්‍රධාන හේතුව වන්නේ, බොහෝ විට පැහැදිලි රෝග ලක්ෂණ නොපෙන්වාම ශරීරය අභ්‍යන්තරයේ හෘදය, මොළය සහ වකුගඩු වැනි ජීවී අවයවයන්ට හානි සිදු කිරීමයි. අධි රුධිර පීඩනය ලංකාවේ බොහෝ දෙනෙක් පීඩාවට පත් කරන මේ රෝගය ගැන ඔබ නොදත් මෙන්න මේ කාරණා ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන එක වැදගත්.

අධිරුධිර පීඩනය වැළඳුණු සැනින් බොහෝ දෙනෙකු පුරුදුව සිටින්නේ ඖෂධවල පිහිට ලබා ගැනීමයි. නමුත් තමන්ගේ ජීව රටාව සහ වැරදි පුරුදු වෙනස් කර ගැනීමෙන් පමණක් මෙය සාමාන්‍ය තත්ත්වයකට පත් කර ගත හැකියි.

1. සක්‍රීය ජීවන රටාව
වර්තමානයේ තරුණ පරපුරේ පවතින ප්‍රධානතම දුර්වලකම වන්නේ ශාරීරික අලසකමයි. කාර්යාලයීය රැකියා වලදී මෙන්ම නිවසේදීත් එක දිගට පැය ගණනාවක් එකම ආකාරයට රැඳී සිටීම නිසා රුධිර සංසරණය සීමා වේ. මෙම තත්ත්වය මගහරවා ගැනීමට නම් දිනකට අවම වශයෙන් විනාඩි තිහක්වත් ශරීරයෙන් දහඩිය පිටවන පරිදි ව්‍යායාමවල නිරත විය යුතුය. විශේෂයෙන් වේගයෙන් ඇවිදීම, දිවීම, පිහිනීම, බයිසිකල් පැදීම වැනි ව්‍යායාම මේ සඳහා වඩාත් සුදුසු වෙයි.

2. මනස සැහැල්ලු කර ගැනීම හා ප්‍රමාණවත් නින්ද
මානසික ආතතිය කළමනා කරණය කරගැනීම සඳහා දිනපතා පුද්ගලයකුට පැය හතක හෝ අටක සුවදායක අඛණ්ඩ නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ. නිදා ගැනීමට පෙර දුරකථන භාවිතයෙන් වැළකී සිටීමෙන් නින්දේ ගුණාත්ම භාවය වැඩි කරගත හැක. එමෙන්ම දවසේ පැය කිහිපයක් භාවනාවක නිරත වීම හරහා හෝ තමන් ප්‍රිය කරන සංගීතවැඩ සටහනට සවන් දීම වැනි ක්‍රමයන් හරහාද මනස සැහැල්ලු කොට ගෙන රුධිර පීඩනය නිරෝගී මට්ටමකට පවත්වාගෙන යා හැකිය.

3. නිරන්තරව පරීක්ෂා කර ගැනීම
අධිරුධිර පීඩනය සිරුර තුළ වර්ධනය වන්නේ කිසිදු බාහිර රෝගී ලක්ෂණයක් නොපෙන්වමිනි. මේ නිසාම තරුණ ප්‍රජාව අවම වශයෙන් වසරකට එක් වරක්වත් තමන්ගේ රුධිර පීඩනය පරීක්ෂා කරගැනීම අනිවාර්යය වේ. තරුණ වයසේදීම මේ පිළිබඳව අවධානයෙන් සිටීමෙන් රෝගය දරුණු අතට හැරීමට පෙර වළක්වා ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

4. ලුණු භාවිතය සීමා කිරීම
රුධිර පීඩනය ඉහළ නංවන ප්‍රධානතම හේතු කාරකයක් බවට පත්වන්නේ ආහාර වල අඩංගු වන අධික ලුණු හෙවත් සෝඩියම්ය. විශේෂයෙන්ම නූතන ප්‍රජාව නිතර ආහාරයට ගන්නා ක්ෂණික ආහාර වල විශාල ලුණු සාන්ද්‍රණයක් අඩංගු වේ. එම පුරුදු වහාම නතර කළ යුතු අතර ඒ වෙනුවට දේශීය පලතුරු, පලා වර්ග හා එළවළු බහුල ආහාර වේලකට හුරු වීම හරහාද රුධිර පීඩනය ස්වභාවිකවම පාලනය කර ගත හැක.

තරුණ කාලය යනු රෝගී වී ඇඳට වැටිය යුතු, ඖෂධ මත යැපිය යුතු කාල පරිච්ඡේදයක් නොවේ. එය තමන්ගේ පෞද්ගලික සිහින ජයගන්නා, රටේ අනාගතය වෙනුවෙන් හා පවුල වෙනුවෙන් සක්‍රීයව තරුණ ජවයෙන් යුතුව ජීවිතය ජයගත යුතු ස්වර්ණමය කාලයකි. රටක සංවර්ධනය හා ඉදිරි ගමනේ නියමුවන් වන තරුණ ශ්‍රම බළකාය මෙලෙස බෝ නොවන රෝග හමුවේ අඩපණ වීම මුළු මහත් ජාතියේම අනාගතය අඳුරු කරන්නකි. ඖෂධ හරහා තාවකාලිකව රෝගය පාලනය කරගන්නවාද නැති නම් සැබෑ සෞඛ්‍ය සම්පන්න පුරුදු තුළින් නිරෝගී තාරුණ්‍යයක් හිමි කර ගන්නවාද යන තීරණය ඇත්තේ ඔබ සන්තකයේමය. අද ඔබ ගන්නා සුළු සෞඛ්‍ය සම්පන්න තීරණය හෙට දවසේ ඔබේ ජීවිතය සුරක්ෂිත කරනු ඇත.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top