Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
12
AI තාක්ෂණය වැරදි අතකට ගියොත් ලෝකයට මොකද වෙන්නේ ? Anthropic හෙළි කළ බියකරු AI අවභාවිතයන්...

- AI තාක්ෂණය වැරදි අතකට ගියොත් ලෝකයට මොකද වෙන්නේ ? Anthropic හෙළි කළ බියකරු AI අවභාවිතයන්...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

141 Views

කෘත්‍රිම බුද්ධිය එහෙමත් නැත්නම් AI තාක්ෂණය මේ වන විට ලෝකයේ බොහෝ ක්ෂේත්‍ර වේගයෙන් වෙනස් කරමින් තිබෙනවා.

නමුත් මේ තාක්ෂණය යහපත් කටයුතු සඳහා යොදාගන්නා තරමටම, එය අනිසි අරමුණු සඳහා භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳවත් ලෝකය පුරා විශාල කතාබහක් ඇතිවෙමින් තිබෙනවා.

ඒ අතරේ, AI ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන Anthropic සමාගමෙන් නිකුත් වූ නවතම වාර්තාවක් මේ කතාබහ තවත් උණුසුම් කර තිබෙනවා.

සිය AI තාක්ෂණය ජීව විද්‍යාත්මක අවි නිපදවීමට සහාය වන ආකාරයෙන් භාවිත කිරීමට සිදුකළ උත්සාහ කිහිපයක් හඳුනාගෙන ඒවා වැළැක්වීමට කටයුතු කළ බව Anthropic සමාගම සඳහන් කර තිබෙනවා.

BBC පුවත් සේවය වාර්තා කරන ආකාරයට, Anthropic සමාගම විසින් සිය නවතම වාර්තාව ඊයේ (11) නිකුත් කර තිබෙන අතර, එහි AI තාක්ෂණය අනිසි ලෙස භාවිත කිරීමට සිදුකළ උත්සාහ සම්බන්ධයෙන් කරුණු රැසක් ඇතුළත්.

වාර්තා වන ආකාරයට, පසුගිය මාස අටක කාලය තුළ Claude Haiku, Sonnet සහ Opus යන AI මාදිලි අනිසි අරමුණු සඳහා භාවිත කිරීමට සිදුකළ උත්සාහ හඳුනාගෙන ඒවා අවහිර කිරීමට Anthropic කටයුතු කර තිබෙනවා.

ඒ අතරින් විශේෂයෙන් අවධානයට ලක්වන්නේ, ජීව විද්‍යාත්මක අවි සම්බන්ධ අවදානම් සහිත භාවිතයන්ට AI තාක්ෂණය යොදාගැනීමට උත්සාහ කළ සිද්ධීන් කිහිපයක්.

Anthropic වාර්තාවේ එවැනි සිද්ධි පහක් පිළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

සමාගම පෙන්වා දෙන්නේ නිසි ආරක්ෂක පියවර නොමැතිව ඉදිරිගාමී AI තාක්ෂණයේ ජීව විද්‍යාත්මක භාවිතය වර්ධනය වුවහොත්, එමගින් ඉතා බරපතළ සහ විනාශකාරී ප්‍රතිවිපාක ඇති විය හැකි බවයි.

Google Gemini ගැනත් මීට පෙර අනාවරණයක්…

මේ අතර මේ ආකාරයේ සිදුවීමක් සම්බන්ධයෙන් මීට පෙර Google සමාගමද අනාවරණයක් සිදුකර තිබුණා.

එහිදී පුද්ගලයෙකු විසින් Google හි Gemini AI මෙවලම හරහා ආයුධයක් ලෙස භාවිත කළ හැකි ජීව විද්‍යාත්මක ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ තාක්ෂණික මාර්ගෝපදේශ ලබාගැනීමට උත්සාහ කර ඇති බව අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව AI තාක්ෂණය දියුණු වන වේගයට සමාන වේගයකින් එහි ආරක්ෂාව පිළිබඳවද අවධානය යොමු කළ යුතු බවට විශේෂඥයන් සහ තාක්ෂණික සමාගම් අනතුරු අඟවමින් සිටිනවා.

Anthropic වාර්තාවේ සඳහන් තොරතුරු අනුව, Claude AI තාක්ෂණය වෙනත් විවිධ අනිසි කටයුතු සඳහා භාවිත කිරීමටද උත්සාහ කර තිබෙනවා.

රුසියාව පදනම් කරගත් සයිබර් ඔත්තු බැලීමේ කණ්ඩායමකට සහ ඉරාන ප්‍රචාරක ආයතනයකට සම්බන්ධ පාර්ශ්වයන් විසින්ද Claude භාවිත කර ඇති බවට එම වාර්තාවේ සඳහන් වන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම ව්‍යාජ ආලය යෙදුම්, හෝටල් Wi-Fi සම්බන්ධ වංචා, විරුද්ධ මත දරන්නන් හඳුනාගැනීම සඳහා සිදුකළ නිරීක්ෂණ කටයුතු, සයිබර් ප්‍රහාර සහ විවිධ වංචා සම්බන්ධයෙන්ද තොරතුරු වාර්තාවට ඇතුළත්.

තවත් අවධානයට ලක්වන කරුණක් වන්නේ යුධ කටයුතු සඳහා AI භාවිත කිරීම සම්බන්ධයෙන් වාර්තාවේ සඳහන් කර ඇති තොරතුරුයි.

Anthropic පවසන ආකාරයට, ගිනි අවි, මිසයිල, සන්නද්ධ ඩ්‍රෝන සහ බෝම්බ ඇතුළු යුධ උපකරණ සඳහා මෘදුකාංග මෙන්ම ඒවායේ ඉලක්කගත කිරීමේ සහ පාලන පද්ධති සංවර්ධනයට Claude භාවිත කළ අවස්ථා හයක් හඳුනාගෙන තිබෙනවා.

මේ සියල්ලත් සමඟ AI තාක්ෂණය මිනිසාගේ ජීවිතය පහසු කරන මෙවලමක් පමණක්ද, නැතිනම් වැරදි අතට පත්වූ විට බරපතළ අවදානමක්ද යන ප්‍රශ්නය නැවතත් ලෝකය ඉදිරියේ මතුව තිබෙනවා.

මේ අතර කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ අවදානම් පිළිබඳව ලොව පුරා අනතුරු ඇඟවීම් දිනෙන් දින ඉහළ යමින් පවතිනවා.

අමෙරිකානු සෙනෙට් සභික Bernie Sanders විසින් දියුණු AI සංවර්ධනය තාවකාලිකව නතර කිරීම සහ කෘත්‍රිම සුපිරි බුද්ධිය තහනම් කිරීම සම්බන්ධයෙන් ඉල්ලීම් ඉදිරිපත් කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, මේ අතරම අමෙරිකානු ජනාධිපති Donald Trump පසුගියදා ප්‍රකාශ කර තිබුණේ AI තරගයෙන් අමෙරිකාව ජය නොගතහොත් රට ඉතා අසීරු තත්ත්වයකට පත්විය හැකි බවට තමන් අවධානය යොමු කර ඇති බවයි.

ඒ අනුව එක් පැත්තකින් ලෝක බලවතුන් AI තරගයේ ඉදිරියට යාමට උත්සාහ කරන අතර, අනෙක් පැත්තෙන් එම තාක්ෂණය අනිසි ලෙස භාවිත වීමෙන් ඇතිවිය හැකි අවදානම් පිළිබඳව අනතුරු ඇඟවීම්ද ඉහළ යමින් තිබෙනවා.

AI තාක්ෂණය ලෝකය වෙනස් කරන මීළඟ විශාලතම බලවේගය බවට පත්වෙද්දී, එය කාගේ අතේ තිබිය යුතුද සහ එයට තිබිය යුතු සීමාවන් මොනවාද යන්න ඉදිරියේදී ලෝකයට මුහුණදීමට සිදුවන විශාලම ප්‍රශ්නයක් වනු ඇති.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top