Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
02
"ආදරයෙන් පැරදී විරහව දරාගන්න බැරිව අපි ලගට එන්නේ ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයින්.." - මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් කියයි

- "ආදරයෙන් පැරදී විරහව දරාගන්න බැරිව අපි ලගට එන්නේ ගැහැණු ළමයින්ට වඩා පිරිමි ළමයින්.." - මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් කියයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

996 Views
" තරුණියන් වගේම පාසල් යන ගැහැණු ළමුන් මත්පැන්වලට ඇබ්බැහි වෙලා.."

"මත්පැන්, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවන් ප්‍රතිකාර සදහා යොමු වීම 10 ගුණයකින් ඉහළ ගිහින්.."

විවිධ මානසික රෝග, මානසික පීඩාවන් නිසා බොහෝ අය එදිනෙදා ජිවිත ගත කරන්නේ අසීරුවෙන්. වෙනත් රෝග සදහා ප්‍රතිකාරවලට යොමු වුවත් මානසික රෝගවලින් පිඩා විදින ඇතැම් පිරිස ප්‍රතිකාර සදහා යොමු වන්නේ නැහැ. තමන් තුළ පවතින මානසික වියවුල පිළිබද නොදැනුවත්කම හෝ දැනගෙන ලැජ්ජාව සමාජයෙන් කොන් වේයැයි කියන බය හේතුවෙන් ඊට ප්‍රතිකාර ලබාගැනීමට අකමැත්තක් දක්වනවා. ඒ හේතුවෙන් මානසික රෝග හා ප්‍රතිකාර ගැන කතා කිරීමට මනෝ විශේෂඥ වෛද්‍ය රූමී රූබන් මහතාව කතාබහකට එකතු කරගත්තා. මේ ඒ ගැනයි

මනෝ විශේෂඥ වෛද්‍යවරයෙක් වශයෙන් ඔබ වර්ෂ 16ක් පමණ කටයුතු කරනවා. එදා සහ අද මානසික රෝග වාර්තා වීමේ වැඩිවීමක් තිබෙනවද..?
මම දැන් රාජකාරී කටයුතු කරන්නේ කරාපිටිය හා උණවටුන කියන රෝහල් දෙකේ. දිනකට ප්‍රතිකාර කටයුතු සදහා රෝගීන් 50ක් පමණ එනවා. නේවාසිකව රෝගීන් 20ක් විතර ඉන්නවා. අලුත් රෝගීන් දවසකට හත් අටදෙනෙක් එනවා. ඒ වගේම පැරණි රෝගීන් පසුවිපරම් සදහා 100ක් 200ක් එනවා. ඒ වගේම පුද්ගලික ප්‍රතිකාර සදහාත් දවසකට 25ක් 30 එනවා. නවක රෝගීන් 10ක් පමණ එනවා.

රෝගීන් වාර්තාවීම ලොකුවට වැඩිවීමක් පෙන්නුම් කරන්නේ නැහැ. නමුත් මත්පැන්, මත්ද්‍රව්‍ය, හෙරොයින් වගේ දේවල්වලට ඇබ්බැහි වුනු රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. එවැනි පුද්ගලයින්ගේ පැමිණීමේ වාර්තාව නම් 10 ගුණයකින් ඉහල ගොස් තිබෙනවා.

තරුණයින් වගේම තරුණියන් මත්පැන් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීමේ වැඩි ප්‍රවණතාවයක් දක්නට ලැබෙනවා කිව්වොත්..?
දැන් ඉන්න තරුණියන් වගේම පාසල් යන ගැහැණු ළමුන් මත්පැන්වලට හුරු වෙලා. බොහෝ තරුණියන් හා කාන්තාවන් ඒ සදහා ඇබ්බැහි වී තිබෙන්නේ රාජකාරී ආයතන මගින් පවත්වන සාද සදහා සහභාගී වෙන නිසා. ඒ නිසා මතට හුරු වුනු තරුණයන් වැඩිහිටි පිරිමින් වගේම තරුණියන්ගේ වැඩිවීමක් දක්නට ලැබෙනවා. පාසල් යන දරුවෝ ඒවාට ඇබ්බැහි වෙලා තිබෙන්නේ ඔවුන්ගේ අක්කලා හෝ වෙනත් මතට හුරු වූ කාන්තාවන් නිසයි.

මතට හුරු වූ පිරිස මානසික රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාවයක් තිබෙනවාද..?
උත්සවවලට ගිහින් මත්පැන් මත්ද්‍රව්‍යවලට පුරුදු වෙන පිරිස පසුව එය දීර්ඝ කාලීනව පවත්වාගෙන යනවා. ඒ හේතුව නිසා මානසික ආතතිය, විශාදය වැනි මානසික තත්ත්ව ඇති වෙනවා. ආතතිය හෝ විශාදය ඇති වෙන නිසා ඒ අයගේ හැගීම් වෙනස් වෙනවා. පාළුව දැනෙනවා.

දීර්ඝකාලීනව මේවා භාවිතා කරන නිසා ඉබේම ශරීරය හැඩගැහෙනවා මතට. ඒ නිසා කාලයක් ගියාට පස්සේ ස්නායු පද්ධතිය අධි අක්‍රිය වෙනවා. ඒකට කියන්නේ විරමණය කියලා. විරමණය නිසා ස්නායු පද්ධතිය උත්තේජනය වෙනවා. ඊට පස්සේ මත්පැන් නැතිව අතපය වෙව්ලනවා. නින්ද යන්නේ නැහැ, බය වෙනවා. හෙරොයින් වගේ මත්ද්‍රව්‍ය වලට පුරුදු වුනු අයට ඇගපත රිදෙනවා, නින්ද යන්නේ නැහැ, ඈනුම් යනවා, ඒවායින් මගහරවා ගන්න බොහෝ දෙනා තව තවත් මත්පැන්, විවිධ මත්ද්‍රව්‍ය භාවිතා කරනවා. පසුව නතර කරන්න බැරි මට්ටමට පත් වෙනවා.

ඒ වගේම සිගරට් භාවිතය අඩු වෙලා ගංජා භාවිතය වැඩි වෙලා තිබෙනවා. බොහෝ දෙනා දන්නේ නැහැ ගංජා භාවිතය මොළේ වර්ධනයට බලපානවා කියලා.මොන වර්ගයක මත්ද්‍රව්‍යයක් හෝ මත්පැන් වර්ගයක් දීර්ඝකාලීනව ගත්තොත් මානසික රෝග වැළදීම වලක්වා ගන්න බැහැ.

ආදරයේ පරාජය හේතුවෙන් ඇතිවෙන විරහව නිසා මානසිකව වැටෙන පිරිස් දක්නට ලැබෙනවා නේද..?
ඔව්. ආදරෙන් පරාජය වෙලා විරහ වේදනා විදින අය විතරක් නෙමෙයි ආදරේ කරන අයත් මානසික පිඩාවන්ට ලක්වෙනවා. විශාදය ඇති වෙනවා. ආදරය අහිමි වීමේදී ඇති වෙන කම්පනය නිසා මානසික වැටෙනවා වගේම ආදරේ කරන දෙන්නෙක් අතර ඇති වෙන ගැටුම්, පීඩනකාරි තත්ත්ව නිසාත් මානසිකව වැටෙන පිරිසක් ඉන්නවා. ඒ වගේම විවාහක පවුලක දෙදෙනාට එකට ජිවත් වෙන්න බැරි මට්ටමකදී හිංසාකාරී ලෙස හැසිරීම, වාචිකව හෝ හැගීම් ප්‍රකාශනය මත පහරදීම්, ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරීම් නිරන්තරයෙන්ම ඇති වෙද්දී ඕනෑම කෙනෙක් මානසික වැටෙනවා. මේ සියලු තත්ත්වයන් දීර්ඝකාලීනව සිදුවෙද්දී මානසික පීඩනය, විශාදය හෝ උත්සන්න මානසික රෝග ඇති වෙන්න පුළුවන්.

එසේ ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන්නේ ඒ පුද්ගලයින්ගේ තිබෙන පෞරෂ ආබාධ නිසයි. කුඩාකළ දෙමාපියන්ගේ බලපෑම් නිසා වගේම ආදරය අහිමි වීම වැනි දේත් ඊට හේතු වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන්වලදී විශේෂයෙන්ම මනෝ වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබා ගන්න අවශ්‍ය වෙනවා මානසික තත්ත්වයකින් පෙලෙන කෙනා.

ආදරය අහිමි වීම නිසා මානසික පිඩාවන්ට ලක් වන්නේ වැඩි වශයෙන් කාන්තා පාර්ශවයද පිරිමි පාර්ශවයද..?
දෙපාර්ශවයෙන්ම වාර්තා වෙනවා. නමුත් පිරිමි පාර්ශවය ප්‍රතිකාර සදහා යොමු වෙනවා වැඩියි. පිරිමි අය බොහෝ වෙලාවට පවුලේ කෙනෙකුට යාලුවෙකුට ඔහුගේ ප්‍රශ්න කතා කරන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිකාර සදහා පැමිණ වෛද්‍ය උපදෙස් ලබා ගන්නවා. දෙමාපියන් දුරස් නම්, යාළුවො අඩු නම් ප්‍රශ්න කතා කරලා විසදාගන්න බැරිව මේ අයට විශාදය වැනි මානසික රෝග වැළදෙනවා. සමාජ කුසලතා අඩු, අවබෝධය අඩු, අයට තදබල වියෝව, දුක ඇති වෙන්න පුළුවන්. මේ වගේ අය කලබල වෙනවා, අඩනවා, දුක් වෙනවා, ලග කවුරු හරි ඉන්නවා වගේ පේනවා, පාරේ යද්දී හෝ යම් දෙයක් කරද්දී අතීතයේ කරපු කියපු දේ, ඒ සිද්ධි ඒ තැන් මතක් වෙනවා. ඒ විතරක් නෙමෙයි වෙන්ව ගිය පෙම්වතිය හෝ පෙම්වතාගේ ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ජාලවල නිතරම සැරිසරනවා. මේ තත්වය සති 6ක් වැනි කාලයක් තුල තිබිලා නැති වෙන්නත් පුළුවන්. එවැනි වේදනා දීර්ඝකාලීනව තිබෙනවා නම් ගැටලුකාරී තත්ත්ව ඇති වෙනවා.

එවැනි මානසික රෝග නිසාද සිය දිවිහානි කරගන්නේ හෝ ඝාතන සිදු කරන්නේ..?
තමන්ගේ ජිවිතේ හානි කරගන්න වගේම තවත් කෙනෙකුගේ ජිවිතේ හානි කරන්න ඇතැම් විට මානසික රෝග බලපානවා.මානසික රෝග නොවන අවස්ථාවලත් මෙවැනි දේ වෙනවා. ජිවිත හානි කරගැනීම සදහා විවිධ පෞර්ෂත්ව අබාධ, ක්‍ෂණික තීරණ ගැනීම, ආතතිය දරාගැනීමට නොහැකිවීම මේ හේතු නිසා තමයි එවැනි බරපතල තත්වය මතු වන්නේ.

ප්‍රතිකාර සදහා යොමු වීම වැදගත්ද..? අනිවාර්යද
තමන් මානසික රෝගයකින් පෙලෙන බව පිළිගන්න බොහෝ දෙනා කැමති නැහැ. අනිත් එක මානසික රෝගයකින් පෙලෙන බවට සමාජය දැනගත්තොත් ලැජ්ජාවක් කියලා හිතන අය ඉන්නවා. එහෙම නොහිතා තමන් යම්කිසි රෝගයකින් පෙළෙනවා නම් ඒ බව තේරුම් ගෙන ප්‍රතිකාර සදහා යොමු වීම අනිවාර්යෙන් කරන්න ඕන. එය වැදගත්. මානසික රෝගයක් කියන්නේ ඕනෑම කෙනෙකුට හැදෙන්න පුළුවන් සාමාන්‍ය තත්ත්වයක්. මොළේ ක්‍රියාකාරීත්වය සම්බන්ධ රෝගයක්. ප්‍රතිකාර සදහා යොමු වීම මගින් එම තත්ත්වය සුව කරගැනීම වගේම අවම කරගැනීම කරගන්න පුළුවන්. මානසික රෝග නොසලකා හරින්න හොද නැහැ. වෙනත් රෝගයක් සදහා ප්‍රතිකාර ගන්නවා වගේම ඒ සදහාත් ප්‍රතිකාර කිරීම මගින් සුබ ජිවිතයක් ගත කරන්න පුළුවන්. මානසික රෝග නිසා ජීවිතේම වෙනස් වෙනවා, රැකියාව, අධ්‍යාපනය, සුවබර ජිවිතයක් අහිමි වීම සියල්ල තීරණය වෙන්නේ මානසික මට්ටමත් එක්ක. ප්‍රතිකාර කිරීම මගින් සාමාන්‍ය ජිවිතයක් ගත කරන්න පුළුවන්.

ප්‍රතිකාර කිරීම දිර්ඝකලිව කරන්න අවශ්‍ය වෙනවද..?
ඇතැම් අයට උපදෙස් පමණක් ප්‍රමාණවත්, තවත් කෙනෙකුට උපදෙස් වගේම ඖෂධ ප්‍රතිකාර, විද්‍යුත් කම්පන ප්‍රතිකාර, වගේ ලබා දෙනවා. කෙටි කාලින ප්‍රතිකාර වගේම රෝගියාගේ ස්භාවය අනුව දිර්ඝකාලින ප්‍රතිකාර සිදු කරනවා. වෛද්‍යවරුන් නියම කරන ප්‍රතිකාර හරියාකාරව ලබා ගත්තොත් රෝගයෙන් මිදෙන්න පුළුවන්. ඒ නිසා මානසික රෝගයකින් පෙලෙන බවට දැනුනොත් ප්‍රතිකාර ලබා ගන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මානසික රෝග ඇති වෙන්න ජානමය හේතු බලපානවා කියලා මතයක් තියෙනවා..?
බොහෝ මානසික රෝග ඇති වෙන්න ප්‍රධානම හේතුව ජානමය හේතු තමයි. නමුත් යම් කිසි අවස්ථාවක රෝගය මතු වෙන්න බලපාන හේතු වෙනස් වෙන්න පුළුවන්. දුර්වලතාවයක් තිබෙන පුද්ගලයෙකුට ජිවිතේ පසුකාලීනව බලපාන සිද්ධි නිසා ඒ අවස්ථාවේ ඒ රෝගය ඇති වෙනවා. ඒ වගේම දරුවෙක් ලැබුණට පසුව ඇතැම් අම්මලාගේ හෝමෝන ප්‍රශ්න නිසා පසු ප්‍රසව තත්ත්වය ඇති වෙනවා. පළමු මාස හයෙන් පසුව එය යථාතත්වයට පත් වෙනවා. ඇතැම් මව්වරුන් දරුවන්ට මව්කිරි දීම ප්‍රතික්ෂේප කරනවා. අපහසුතා නිසා දරුවා මරා දමන්න තැත් කරනවා. ඒ වගේ අවස්ථාවන්වලදී වහාම ප්‍රතිකාර සදහා යොමු වෙන්න ඕන. මේ වගේ අවස්ථාවල ජානමය දුර්වල අයටයි එහෙම වෙන්නේ.. ජාන ශක්තිමත් අයට හැදෙන්නේ නැහැ. ඒ නිසා මානසික රෝග හැදෙන්න ජානමය හේතු වගේම විවිධ හේතු බලපානවා කියන්න පුළුවන්.

හර්ෂණී වීරරත්න
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top