විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චන්දර් අගර්වාල් (Chander Agarwal) නැමැති සැපයුම් ක්ෂේත්‍රයේ ප්‍රධාන විධායක නිලධාරියෙකු විසින් සිය හිටපු පෙම්වතිය වූ ෆෙලීෂියා ලී (Felicia Lee) නමැති හිටපු ගුවන් සේවිකාවට එරෙහිව මෙම නඩුව පවරා ඇති බවයි.
2019 වසරේදී ගුවන් වාරයකදී හමුවූ මොවුන් දෙදෙනා 2022 සිට 2023 දක්වා කාලය තුළ දැඩි ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා.කොහොම වුණත් ඇය වෙනත් අයෙකු සමඟ සබඳතාවක් පවත්වන බවට සැක කිරීමත් සමඟ මෙම ප්‍රේම කතාව අවාසනාවන්ත ලෙස කෙළවර වෙලා..
ඉන් අනතුරුව කෝපයට පත් ව්‍යාපාරිකයා 2024 මාර්තු මාසයේදී අධිකරණය හමුවට යමින් පවසා ඇත්තේ, තමා ඇයට ලබාදුන් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, විදේශ සංචාර, ෆෙන්ෂුයි උපදේශන සහ ඇගේ ජීවිත රක්ෂණ වාරික සඳහා වූ කෝටි 10ක මුදල "පොලී රහිත ණයක්" ලෙස ලබාදුන් එකක් බවයි.
නමුත් අධිකරණයේදී හිටපු පෙම්වතිය කියලා තියෙන්නේ, එම සියලු මුදල් ආදරය නිසා ඔහු තමාට දුන් "තෑගි" මිස කිසිසේත්ම ණය මුදල් නොවන බවයි.
කරුණු සලකා බැලූ ජ්‍යෙෂ්ඨ මහාධිකරණ විනිසුරු ලී සියු කින් (Lee Seiu Kin) සඳහන් කළේ, අදාළ මුදල් ණය ලෙස ලබාදුන් බවට කිසිදු ලිඛිත සාක්ෂියක් ඉදිරිපත් කිරීමට පැමිණිලිකරු අපොහොසත් වී ඇති බවයි. සබඳතාව පැවති සමයේ කැමැත්තෙන්ම දුන් තෑගි, සබඳතාව අසාර්ථක වූ පසු ඇතිවූ වෛරය සහ කලකිරීම මත මෙලෙස අයකර ගැනීමට උත්සාහ කර ඇති බව පෙන්වා දුන් විනිසුරුවරයා නඩුව ඉවත දැමීමට තීන්දු කළා.