ඒ සිය ආදරණීය බිරිඳගේ උපන්දිනය වෙනුවෙන් ඔහු මුහුණුපොතට එක්කළ සංවේදී ආදරණීය සටහනත් සමඟයි.
අද කෝටිපති ව්‍යාපාරිකයෙකු වුවත්, එකල ගුවන් හමුදා නිලධාරියෙකු ලෙස සාමාන්‍ය ජීවිතයක් ගත කළ තරුණ ඩඩ්ලිගේ දෛවෝපගත ආදර කතාව ඇරඹෙන්නේ 1985 ජුනි 09 වැනිදා කදුරුවෙල දුම්රිය ස්ථානයෙනි. තුන්වැනි පන්තියේ තෙරපෙමින් යාමට තිබූ අකමැත්ත නිසා මිතුරෙකුගෙන් ඉල්ලාගත් දෙවැනි පන්තියේ දුම්රිය වොරන්ට් පතක් අතැතිව මඩකලපුව - කොළඹ දුම්රියට ගොඩ වූ ඔහුට, ඉදිරිපස අසුනේ සිටි රූමත් තරුණියකගේ දෙනෙත් අහම්බෙන් මුණගැසී තිබෙනවා.
පැය හත අටක දුම්රිය ගමන අවසානයේ ලිපිනයන් හුවමාරු කරගෙන, සතියක් ඇතුළත ආදර ලිපියකින් තහවුරු වූ ඒ ප්‍රේමය, අද වන විට දශක හතරකටත් වඩා පැරණි සවිමත් බැඳීමක් බවට පත්ව හමාරයි.
තමන්ව ව්‍යාපාරික ලෝකයේ මෙතරම් ශක්තිමත් මිනිසෙකු බවට පත් කළ ආදරණීය බිරිඳව ආදරයෙන් බියුටි යන සුරතල් නාමයෙන් අමතමින්, ඇගේ උපන්දිනය දවසේ ඔහු තැබූ ඒ හෘදයාංගම සටහන සමාජ මාධ්‍යයේ බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයටත්, නොමද ආදරයටත් ලක්වෙමින් පවතිනවා. දශක හතරක් පුරා වයසට යමින් එකට ගෙවන මේ ආදර කතාව, සැබෑ ආදරය හමුවේ මුදල් හෝ තරාතිරම නොවේ ප්‍රධාන වන්නේ එකිනෙකා කෙරෙහි ඇති සෙනෙහස සහ ගෞරවය බවට කදිම නිදසුනක් සපයනවා.