අතිවිශිෂ්ට රංගන දක්ෂතාවය වගේම ඇගේ තියෙන ස්වභාවික ලස්සන නිසාම ඇය අදටත් ලංකාවේ ඉන්න ජනප්‍රියතම රංගන ශිල්පිනියක් විදිහට වැජඹෙනවා. නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ගේ ආදරණීය රසිකයන් එක්ක එකතු වෙන ශලනි, පහුගියදා ඇගේ ෆේස්බුක් ගිණුමට දැක්ක ගමන් හිතට අමුතුම සැහැල්ලුවක් දැනෙන ලස්සන ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.
මේ ඡායාරූපවලට වඩාත් වටිනාකමක් එකතු කරලා තිබුණේ ඇය ඒ එක්කම පළ කරලා තිබුණු අපූරු සටහන නිසයි. "Life feels softer when you stop fighting every season and start blooming in it.."
එහෙමත් නැත්නම් "ජීවිතේට එන හැම කාලයකටම, හැම හැලහැප්පීමකටම එරෙහිව සටන් කරන්නේ නැතුව, ඒ එන හැම කාලයකදීම අලුතින් පිපෙන්න පටන් ගත්තාම ජීවිතේ හරිම සුන්දරයි වගේම සැහැල්ලුයි" කියන ගැඹුරු අදහස තමයි ඇය ඒ සටහනෙන් ප්‍රේක්ෂකයන්ට කියාපාන්නේ.
කාලයත් එක්ක ජීවිතෙන් ලබන පන්නරය සහ අත්දැකීම් නිසාම ශලනිගේ ජීවිතේ අද වෙද්දී තියෙන නිවුණු ස්වභාවය සහ සැහැල්ලු බව මේ ඡායාරූපවලින් මනාවට නිරූපණය වෙනවා.
කිසිම ලොකු ආටෝපයක් නැති ඇගේ සුපුරුදු හුරුපුරුදු හිනාවත් එක්ක පළවුණු මේ සරල ඡායාරූප පෙළට මේ වෙද්දීත් සමාජ මාධ්‍ය තුළින් රසිකයින්ගේ උණුසුම් ප්‍රතිචාර නොඅඩුව ගලාගෙන එමින් පවතිනවා.
හැලහැප්පීම් පිරුණු ජීවිතේ දිහා වෙනස්ම විදිහකට, බොහොම ධනාත්මකව බලන්න ශලනිගේ මේ අපූරු සටහන ඇගේ රසිකයන්ටත් ලොකු ආදර්ශයක් දෙනවා නිසැකයි.


