ඒ, යතුරුපැදියක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ දරුණු රිය අනතුරකින් 23 හැවිරිදි පසුවූ අහිංසක තරුණයෙකු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.
මෙලෙස සදහටම නෙත් පියාගෙන ඇත්තේ තඹලගමුව, පට්ටිමේඩු ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රණවන් නමැති 23 හැවිරිදි අවිවාහක තරුණයායි.
තඹලගමුව පොලිස් බලප්‍රදේශයට අයත් ජයපුර ප්‍රදේශයේදී ඊයේ පස්වරු 7.30 ට පමණ මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව තිබෙනවා. ත්‍රිකුණාමලයේ සිට සිමෙන්ති පටවාගෙන කොළඹ දෙසට අධික වේගයෙන් ධාවනය වූ ලොරි රථයක, තඹලගමුව දෙස සිට ත්‍රිකුණාමලය දෙසට ධාවනය වූ ප්‍රණවන්ගේ යතුරුපැදිය මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරේ ප්‍රබලත්වය නිසාම බරපතල තුවාල ලැබූ ප්‍රණවන්ට කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාදීමට පවා ඉඩක් නොතබමින් ඔහු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන තිබුණා.
මේ වන විට මියගිය තරුණයාගේ මෘත දේහය කන්තලේ මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අනතුරට සම්බන්ධ ලොරි රථය සහ එහි රියැදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තවමත් අනාගතය වෙනුවෙන් බොහෝ හීන දකිමින් සිටි අහිංසක තරුණයෙකුගේ ජීවිතය මෙලෙස මඟතොටදී අකාලයේ නිවීයාම මුළු ප්‍රදේශයම ශෝකයෙන් බර කිරීමට හේතු වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.