භොටේකොෂි සහ ත්‍රිශූලී ගංගා දෙබෑ කරමින් ක්ෂණිකව කඩා වැදුණු දැවැන්ත සැඩ පහරට මුළු ප්‍රදේශයම අළුදූලි වී ගොස් තිබෙනවා. ගම්මාන පිටින් යටවෙද්දී, ප්‍රධාන මාර්ග, මහා පාලම් සහ දැවැන්ත ජල විදුලි බලාගාර ව්‍යාපෘති රැසක් නිමේෂයකින් ජල කඳට බිලිවී විනාශ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
ව්‍යසනයෙන් පසු නේපාලයේ දිස්ත්‍රික්ක 8කින් මළ සිරුරු හමුවෙමින් පවතින අතර, චිටවාන්, නාවල්පරාසි සහ ගෝර්කා යන ප්‍රදේශවලින් වැඩිම මෘත ශරීර සංඛ්‍යාවක් සොයාගෙන තිබෙනවා. අතුරුදන් වූ දැවැන්ත පිරිස අතර එරට සංචාරය සඳහා පැමිණි විදේශීය සංචාරකයින් මෙන්ම ජල විදුලි ව්‍යාපෘතිවල සේවය කරමින් සිටි සේවකයින් විශාල පිරිසක්ද සිටින බව සඳහන්.
නේපාල ආරක්ෂක හමුදාව සහ සහන කණ්ඩායම් එක්ව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් දැවැන්ත මුදාගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. කෙසේ වෙතත්, පවතින අයහපත් කාලගුණය සහ මාර්ග සම්පූර්ණයෙන්ම අවහිර වී තිබීම නිසා ජීවිත බේරාගැනීමේ කටයුතුවලට දැඩි බාධා එල්ල වෙමින් පවතින බව වාර්තා වනවා.