එරට රජයේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මේ වන විට ඉබෝලා වෛරසයේ බලපෑමට ලක්ව ඇති සමස්ත ප්‍රදේශ සංඛ්‍යාව 60 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය බලධාරීන්ගේ ප්‍රතිචාර දැක්වීම් ප්‍රමාද වීම හේතුවෙන් එරට මරණ අනුපාතය 48% ක් තරම් ඉහළ මට්ටමකට ළඟා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ වන විට ලැබෙන වාර්තාවලට අනුව එම කලාපයෙන් ඉබෝලා රෝගීන් 5,794 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, වෛරසය ආසාදනය වීමෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 2,786 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තත්ත්වය පාලනය කිරීම සඳහා ජාත්‍යන්තර සෞඛ්‍ය සංවිධානවල අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.