ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින මෙම ගින්න පාලනය කිරීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් මේ වන විටත් විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
වනාන්තරයට සිදුවන හානිය අවම කරගනිමින් ගින්න කඩිනමින් පාලනය කර ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශේෂ භට කණ්ඩායමක් ද මෙම මෙහෙයුම සඳහා එක්ව සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැඩිදුර මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.