නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය හරහා ඇයට ආදරය කරන රසිකයන් එක්ක සමීපව කටයුතු කරන හර්ෂි, පසුගියදා ඇගේ උපන්දිනය වෙනුවෙන් අපූරු ඡායාරූප පෙළක් සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබුණා. මේ ඡායාරූප පෙළ මේ වෙද්දී සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් නිර්මාණය කරලා තියෙනවා.
මේ ඡායාරූපවල හර්ෂි ඉතාමත් සුන්දරව සැරසී සිටිනවා දැකගන්න පුළුවන්. ඒ වගේම එතැන තියෙන ලස්සනම ලස්සන උපන්දින කේක් නිර්මාණයත් ඡායාරූපවලට අමුතුම හැඩයක් එකතු කරලා තියෙනවා. කාගෙත් ආකර්ෂණය දිනාගත්ත මේ ඡායාරූප පෙළට ඇය එකතු කරලා තිබුණේ හරිම අපූරු, සටහනක් .
ඇය එහි සටහන් කර තිබුණේ ''The wait was part of the magic'' යනුවෙනි.
සමහර දේවල් ජීවිතේට ලැබෙනකල් අපි බලාගෙන ඉන්න කාලයත් ජීවිතේට අමුතුම සුන්දරත්වයක්, එහෙමත් නැත්නම් මායාවක් එකතු කරනවා කියන එක ඇය මේ සටහනෙන් අදහස් කරන්න ඇති. මේ සුන්දර ඡායාරූප පෙළට වගේම ඇය දාපු ඒ අපූරු සටහනටත් දැන් ගොඩක් දෙනෙක්ගේ ආදරය හිමිවෙලා තියෙනවා.
ඇගේ මේ උපන්දින ඡායාරූප දැකපු ගමන්ම ඇයට ආදරය කරන දහස් ගණන් රසික රසිකාවියන් වගේම කලා ක්ෂේත්‍රයේ හිතමිතුරනුත් සමාජ මාධ්‍ය හරහා ඇයට උණුසුම් උපන්දින සුබපැතුම් එක්කරන්න අමතක කරලා තිබුණේ නැහැ.