ඇගේ නිහතමානී හිනාවට වගේම ආකර්ෂණීය පෙනුමට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් අද වෙද්දී ලංකාව පුරාම ඉන්නවා.
හිරු ටීවී නාලිකාවේ විකාශය වන ජනප්‍රිය රොන් සොයා ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට ආපු ඇය, කෙටි කාලයක් ඇතුළත කාගේත් ආදරය දිනාගන්න සමත් වුණා. එදා ඉඳන් අද දක්වාම ඇය ලංකාවේ ඉන්න ජනප්‍රියම වගේම කාගෙත් අවධානය දිනාගත්තු රංගන තාරකාවක් විදියට බබළනවා.
නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ට ආදරය කරන රසිකයින් එක්ක රැඳිලා ඉන්න කවීර්ණා, පසුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට හරිම ලස්සන ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා.
ඉතාමත් ආකර්ෂණීය, සුන්දර ගවුමකින් සැරසිලා ඉන්න ඇගේ මේ අපූරු ෆොටෝස් ටික දැක්කම ඕනෑම කෙනෙකුගේ හිත නැවතී බලන තරමටම ඇය සුන්දරයි. වෙනදා දකිනවටත් වඩා වෙනස්ම විදියේ ලස්සනක් මේ ඡායාරූපවලින් දකින්න ලැබෙනවා කියලා තමයි ගොඩක් දෙනෙක් කතා වෙන්නේ.