ඇය නිරූපණය කරන චරිතවලට වගේම ඇගේ නිහතමානී සුන්දරත්වයට ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් ලංකාව පුරාම ඉන්නවා.
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක එකතු වෙන ප්‍රමුදි, පසුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට හරිම ලස්සන ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. මේ වෙද්දි මේ ෆොටෝස් ටික මුහුණුපොත පුරාම වේගයෙන් Share වෙමින් පවතිනවා.
"මම දැන් ඉන්නේ මගේ Soft Girl Era එකේ..."
මේ ඡායාරූප පෙළට ඇය හරිම අපූරු, ගැඹුරු අදහසක් තියෙන සටහනකුත් එකතු කරලා තිබුණා.
"In my soft girl era, feeling beautiful, confident, and completely at peace with who I am."
මම දැන් ඉන්නේ මගේ සුන්දරම, සැහැල්ලුම කාලයේ.. මට මං ගැනම ලොකු විශ්වාසයක් වගේම ලස්සනක් දැනෙනවා. ඒ වගේම මම මං ගැනම උපරිම සාමකාමී හැඟීමකින් ඉන්නේ...
මේ සටහනින් පේන්නේ ඇය මේ ගෙවන්නේ ඇගේ ජීවිතේ කොයිතරම් සුන්දර, ආත්ම විශ්වාසයෙන් පිරුණු කාලයක්ද කියන එකයි. ඇත්තටම මේ ෆොටෝස්වලින් ප්‍රමුදිගේ ඒ අහිංසක, සුන්දර පෙනුම වගේම හිතේ තියෙන සැනසිලිදායක බවත් හරිම ලස්සනට කැමරාවට අසුවෙලා තියෙනවා.