ඇයගේ රංගන කුසලතාවය නිසා වගේම ඇයගේ ආකර්ෂණීය පෙනුම නිසාත් නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක්වෙන චරිතයක් තමයි පියුමාලි කියන්නේ.
නිතරම සමාජ මාධ්‍ය ඔස්සේ තම රසිකයින් සමඟ සම්බන්ධ වෙන පියුමලි, මෑතකදී ඇගේ නිල ෆේස්බුක් ගිණුමට ඉතාමත් සුන්දර ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. "Wrapped in elegance, blooming in grace" යන අපූරු වදන් පෙළත් සමඟින් පළ කර තිබූ මේ ඡායාරූපවල, ඇය ඉතාමත් මනරම් සාරියකින් සැරසිලා ඉන්නවා.
බොහොම චාම් වගේම සුන්දර සාරි විලාසිතාවකින් හැඩවෙලා ඉන්න පියුමලිගේ මේ අලුත්ම ලුක් එකට මේ වෙද්දී අන්තර්ජාලය පුරා විශාල ප්‍රතිචාරයක් ලැබෙමින් පවතිනවා. ඇයගේ මේ ඡායාරූප අන්තර්ජාලයට මුදාහැරලා කෙටි වෙලාවක් යන්නත් කලින් ලයික් සහ කමෙන්ට්ස් වැස්සක් පතිත වෙන්න පටන් අරන්. ගොඩක් දෙනෙක් කමෙන්ට් කරලා තිබුණේ සාරියෙන් හැඩවුණු ඇයගේ සුන්දරත්වය ගැනයි.
බටහිර පන්නයේ විලාසිතා වගේම දේශීය සාරි විලාසිතාවනුත් එක වගේම ලස්සනට ගැලපෙන පියුමලිගේ මේ අහිංසක, සුන්දර පෙනුම අද වෙද්දී මුළු ෆේස්බුක් එකේම අවධානය දිනාගන්න සමත් වෙලා තියෙනවා කිව්වොත් නිවැරදියි!