ලෝකෙටම ආදර්ශයක් දෙමින් ඕස්ට්‍රේලියාව ගෙනාපු අලුත් නීතියක් නිසා, මාර්ක් සකර්බර්ග්ගේ Meta සමාගමට අකමැත්තෙන් වුණත් අකවුන්ට් ලක්ෂ ගාණක් එකපාරම අයින් කරලා දාන්න සිද්ධ වෙලා!
ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16ට අඩු ළමයින්ගේ කියලා සැක කරන ගිණුම් 750,000කට වඩා මේ වෙද්දී Meta සමාගම විසින් සම්පූර්ණයෙන්ම අත්හිටුවලා තියෙනවා.
පසුගිය දෙසැම්බර් ඉඳන් ජූනි මාසය වෙනකන් විතරක්..
සැක සහිත Instagram ගිණුම් 462,000ක්
සැක සහිත Facebook ගිණුම් 294,000ක්
මෙහෙම අක්‍රිය කරලා තියෙනවා කියලයි ආරංචි වෙන්නේ. පොඩි දරුවන්ගේ ශාරීරික වගේම මානසික සෞඛ්‍යයට සෝෂල් මීඩියා වලින් වෙන හානිය ගැන හිතලා ඕස්ට්‍රේලියානු රජය දෙසැම්බර් 10 වෙනිදා ඉඳන් මේ තහනම ගෙනාවා. ඒ නීතියට බයේ තමයි Meta සමාගම මේ විදිහට අකවුන්ට් අයින් කරගෙන යන්නේ.
පොඩි අයත් ලේසි නෑනේ. ගොඩක් අය ඉපදුණු අවුරුද්ද වෙනස් කරලා අකවුන්ට් හැදුවට දැන් Meta එකෙන් ඒකටත් ගේමක් ගහලලු තියෙන්නේ.
උපන්දින සාද ගැන දාන පෝස්ට්, ඉස්කෝලේ විස්තර, පාස් වුණු ශ්‍රේණි වගේ දේවල් හොයලා බලලා මේවා පොඩි අයගේ අකවුන්ට් ද කියලා අල්ලගන්න දැන් ඔවුන් AI (කෘතිම බුද්ධිය) පාවිච්චි කරනවා. ඒ විතරක් නෙවෙයි, එකපාරක් අකවුන්ට් එක අයින් කරොත්, ආයෙත් අලුතින් ගිණුමක් හදන්න තියෙන චාන්ස් එකත් නැති කරලම දානවලු.
Meta එකෙන් මෙහෙම අකවුන්ට් ඩිලීට් කරා කිව්වට, ඕස්ට්‍රේලියානු රජය නම් කියන්නේ තාමත් අවුරුදු 16ට අඩු ළමයි 10 දෙනෙක්ගෙන් 8 දෙනෙක්ම හොරෙන් සෝෂල් මීඩියා පාවිච්චි කරනවා කියලා.
සමාජ මාධ්‍ය ජාලා හිතාමතාම මේ තහනම ෆේල් කරන්න උත්සාහ කරනවා කියලයි රජය චෝදනා කරන්නේ. මේ නිසා නීතිය කඩන අයට ගහන දඩය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 99 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 69.75 ක්) දක්වා දෙගුණ කරන්නත් රජය තීරණය කරලා තියෙනවා.
මේ ලොකු ප්‍රශ්නය නිසා Meta විතරක් නෙවෙයි, TikTok, YouTube (Google) සහ Snapchat ලොක්කන්ටත් එන සිකුරාදා පාර්ලිමේන්තුවට ඇවිත් සාක්ෂි දෙන්න කැඳවලා තියෙනවා. කොහොම වුණත් ලෝකේ අනිත් රටවලුත් මේ ඕස්ට්‍රේලියානු ක්‍රමය දිහා දැන් ඇහැ ගහගෙනයි ඉන්නේ!