පොලිසිය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවලින් හෙළිවන්නේ වසරේ මේ දක්වා කාලය තුළ පමණක් සිදුවූ මාර්ග අනතුරු 1,605කින් පුද්ගලයින් 1,693 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
අද (13) කොළඹදී පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවභාර නියෝජ්‍ය පොලිස්පති, ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා සඳහන් කළේ පසුගිය වසරේ මෙම කාලසීමාවට සැසඳීමේදී මාර්ග අනතුරුවල යම් සුළු අඩුවීමක් වාර්තා වන බවයි.
කෙසේ වෙතත්, යතුරුපැදි භාවිත කරන්නන් නිසා සිදුවන අනතුරු සහ මරණ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් අනාවරණය කළා.