ඒ, කල් ඉකුත් වූ ආලේපන සහ ක්‍රීම් වර්ග යොදාගනිමින් පවත්වාගෙන ගිය බව කියන ප්‍රකට රූපලාවණ්‍ය ආයතනයක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් හදිසියේ වටලනු ලැබීමත් සමඟයි.
කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම ක්ෂණික වැටලීම සිදුකර තිබෙනවා.
එහිදී එම ස්ථානයේ තිබී කාලය ඉකුත් වී ගිය අන්තරායකර මුහුණේ ගාන ආලේපන මෙන්ම හිස සම්බාහනය කිරීමට යොදාගන්නා (Head Massage Creams) ක්‍රීම් තොගයක් නිලධාරීන් බාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
පාරිභෝගිකයින්ගේ සෞඛ්‍යය සහ ලස්සන බිල්ලට දෙමින් ජාවාරමේ නිරත වූ මෙම රූපලාවණ්‍ය ආයතනයේ හිමිකරු වහාම අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.