ඇය සමාජ මාධ්‍ය තුළත් නිතරම ක්‍රියාකාරී චරිතයක් විදිහට රසිකයින් අතර ජනප්‍රියයි. පසුගියදා නෙත්මි ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ පළ කරපු සටහනක් ගැන මේ වෙද්දි හැමෝම වගේ කතා වෙන්න පටන් අරන්. ඒ වෙන කිසිම දෙයක් ගැන නෙවෙයි, ඇයගේ ආදරණීය නංගිගේ උපන්දිනය වෙනුවෙන් ඇය තබපු හැඟීම්බර සටහන නිසයි.
මේ සටහනේ ගොඩක් අයගේ හිත ගියපු, ඇස්වලට කඳුළක් ගේන අපූරු කතාවක් නෙත්මි කියලා තිබුණා.
"මම ඔයාගේ අක්කා වුණාට, ගොඩාක් වෙලාවට මට දැනෙන්නේ ඔයා මගේ නංගි නෙවෙයි… අම්මා කෙනෙක් වගේ.."
කියලයි ඇය සටහන් කරලා තිබුණේ. නංගිට ඉක්මනට තරහා ගියත්, නෙත්මිට ඕනම වෙලාවක උදව් කරන්න, ඇයව තේරුම් අරගෙන ඇයට ලොකුම හයියක් වෙන්න නංගි හැමදාම ළඟින් හිටපු බව නෙත්මි ආදරයෙන් මතක් කරලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, නෙත්මිට අවවාද දෙන්නත් නංගි අමතක කරන්නේ නැහැල්ලු.
ජීවිතේ දුක හිතුණු හැම වෙලාවකම වගේම සතුටු වුණු හැම වෙලාවකමත් නෙත්මිගේ ළඟින්ම හිටපු සෙවණැල්ල ඇයගේ නංගියි. සහෝදර බැඳීමක් කොච්චර ශක්තිමත්ද කියන එක නෙත්මිගේ මේ වචන ටිකෙන් හොඳටම පැහැදිලි වෙනවා;
"මම ඉස්සරහට යනවා බලන්න ඔයාට තියෙන ඒ ආසාව… ඒක මට දැනෙන්නේ මගේම හීනයක් ඔයාගේ හීනයක් වගේ.."
"මම දිනන හැම වෙලාවකම, මට වඩා සතුටු වෙන කෙනෙක් ඔයා.."
නංගිගේ හිතේ තියෙන හැම හීනයක්ම හැබෑ වෙන්න කියලත්, ඇගේ ඒ ලස්සන හිනාව කවදාවත් නැති වෙන්න එපා කියලත් නෙත්මි උපන්දිනේ දවසේ ආදරෙන් ප්‍රාර්ථනා කරලා තිබුණා. ජීවිතේ කොච්චර දුර ගියත්, කොච්චර වයසට ගියත් මේ සුන්දර සහෝදර බැඳීම හැමදාම මේ විදිහටම තියෙයි කියන බලාපොරොත්තුවත් නෙත්මි සිය සටහනෙන් එක් කරලා තිබුණා.
වචනවලින් කියන්න බැරි තරම් ආදරයක් තියෙන මේ ආදරණීය සහෝදරියන් දෙදෙනාට හැමදාමත් මේ විදිහටම සතුටින්, ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා අපිත් හදවතින්ම සුබ පතමු! නෙත්මිගේ නංගිට සුබම සුබ උපන්දිනයක් වේවා!
