අලුත්ම තක්සේරු වාර්තාවක් මගින් හෙළිදරව් වී ඇත්තේ, මෙම රෝගයට ගොදුරු වූ පවුල් 10කින් 9කට ආසන්න සංඛ්‍යාවකටම ප්‍රතිකාර වියදම් පියවා ගැනීමට සිදුව ඇත්තේ අනුන්ගෙන් ණය ගැනීමෙන් බවයි...
බංග්ලාදේශ රතු කුරුස සමාජය සහ ජාත්‍යන්තර රතු කුරුස හා රතු අඩසඳ සමාජ සම්මේලනය (IFRC) එක්ව සිදුකරන ලද මෙම විශේෂ අධ්‍යයනයට අනුව, රජයේ රෝහල්වලින් නොමිලේ ප්‍රතිකාර ලබා දුන්නද, වසංගතය නිසා පවුල් මත පැටවී ඇති ආර්ථික බර දරාගත නොහැකි මට්ටමකට පැමිණ තිබෙනවා.
පසුගිය මැයි සහ ජූනි මාස අතර කාලය තුළ රජයේ වෛද්‍ය විද්‍යාල සහ දිස්ත්‍රික් රෝහල් 12කින් ප්‍රතිකාර ලබාගත් සරම්ප රෝගයට ගොදුරු වූ පවුල් 2,746ක් ඇසුරින් මෙම සමීක්ෂණය පවත්වා තිබෙනවා. එහි ප්‍රතිඵල ඇඟ කිලිපොලා යන සුළුයි..
88.9%ක් (පවුල් 2,442ක්) ප්‍රතිකාර සඳහා යටගිය වියදම් පියවා ගැනීමට ණය වී තිබෙනවා.
60.8%ක් (පවුල් 1,670ක්) තමන් සතුව තිබූ සියලුම ඉතිරි කිරීම් සම්පූර්ණයෙන්ම වැය කර අවසන්.
4.1%ක් (පවුල් 112ක්) මූල්‍ය දුෂ්කරතාවලින් ගොඩ ඒමට තමන් සතු ඉඩකඩම් සහ දේපළ පවා විකුණා දමා තිබෙනවා.
3.3%ක් (පවුල් 90ක්) ජීවත් වීම සඳහා අන් අයගේ ආධාර මත යැපෙන තත්ත්වයට පත්වෙලා!
මේ වන විට අතිශයින්ම අසරණ වූ පවුල් 2,400ක් හඳුනාගෙන ඇති අතර, ඔවුන් සඳහා එක් පවුලකට 'ටකා 10,000' බැගින් හදිසි මුදල් ආධාර ලබා දීමටද බලධාරීන් පියවර ගනිමින් සිටින බවයි වාර්තා වන්නේ.