ගිරිඋල්ල පහළ කටුගම්පල ප්‍රදේශයේදී මතව දෙසට ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක වේගය පාලනය කරගැනීමට නොහැකි වීමෙන්, ඊට ඉදිරියෙන් ගමන් කරමින් තිබූ ට්‍රැක්ටර් රථයක ටේලර් කොටසේ පිටුපස දරුණු ලෙස ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවා වහාම ක්‍රියාත්මක වී දඹදෙණිය රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් කටයුතු කළත්, රෝහලට ඇතුළත් කරන විටත් එම අවාසනාවන්ත තරුණයා මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
මෙලෙස නොසිතූ මොහොතක අනපේක්ෂිත ලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ දඹදෙණිය ප්‍රදේශයේම පදිංචිව සිටි 22 හැවිරිදි වියේ පසුවූ තරුණයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් ගිරිඋල්ල පොලිසිය විසින් මේ වන විටත් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබෙනවා.