මීට පෙර මෙවැනිම සූර්යග්‍රහණයක් අදාළ කලාපයට දර්ශනය වී තිබෙන්නේ 1905 වසරේදී වන අතර, ඒ අනුව දශක ගණනාවකට පසුව සිදුවන මෙම විශ්වීය සංසිද්ධිය පිළිබඳව මේ වන විටත් ලෝකයේම අවධානය යොමුවී හමාරයි.
මෙම අද්භූත හා මනරම් පූර්ණ සූර්යග්‍රහණය ස්පාඤ්ඤයට අමතරව ග්‍රීන්ලන්තය, අයිස්ලන්තය, රුසියාව මෙන්ම පෘතුගාලයේ ඇතැම් කොටස්වලටත් ඉතා පැහැදිලිව දර්ශනය වන බවයි සඳහන් වන්නේ.
මෑත කාලීනව, එනම් 2024 වසරේදී අමෙරිකාව සහ මෙක්සිකෝව යන රටවලට මෙවැනිම පූර්ණ සූර්යග්‍රහණයක් දර්ශනය වී විශාල කතාබහක් නිර්මාණය වුණා.
කෙසේ වෙතත්, අවුරුදු 100කටත් වඩා වැඩි කාලයකට පස්සේ සිදුවන මේ අමුතු සිදුවීම බලන්න ලෝකය පුරා ඉන්න අභ්‍යවකාශ ලෝලීන් මේ වන විටත් දැඩි නොඉවසිල්ලෙන් පසුවන බවයි ආරංචි වන්නේ...