Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
19
Uber එකෙන් ගෙදර යන්න ගිය 23 හැවිරිදි තරුණියට, අන්තිමේදී සිද්ධ වුණේ හිතාගන්නවත් බැරි දෙයක්, ගමන අවසන් වුණේ ඇයගේ ජීවිතයත් අහිමි කරමින්..

- Uber එකෙන් ගෙදර යන්න ගිය 23 හැවිරිදි තරුණියට, අන්තිමේදී සිද්ධ වුණේ හිතාගන්නවත් බැරි දෙයක්, ගමන අවසන් වුණේ ඇයගේ ජීවිතයත් අහිමි කරමින්..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

315 Views

ඇමරිකාවේ California ප්‍රාන්තයේ 23 හැවිරිදි Emily Normandin-Parker කියන්නේ රිය පැදවීමෙන් වැළකී ආරක්ෂිතව ගෙදර යන්න Uber එකක් භාවිත කළ තරුණියක්.

නමුත් 2023 අගෝස්තු 12 වැනිදා සිදුවුණු ඒ Uber ගමන අවසන් වුණේ ඇයගේ ජීවිතයත් අහිමි කරමින්…

Emily මිතුරියක් සමඟ Uber රථයක ගමන් කරමින් සිටියදී මිතුරියට රථය තුළ අසනීප වී වමනය වී තිබෙනවා. ඉන් පස්සේ රියදුරු දෙදෙනාවම අධිවේගී මාර්ගය අසලින් රථයෙන් බස්සවා තිබෙන බවට නීතිමය ක්‍රියාවලියේදී කරුණු ඉදිරිපත් වුණා.

ඒකෙන් පස්සේ සිදුවුණේ තවත් කම්පා කරවන දෙයක්…

Emily වෙනත් වාහනයක ගැටී මියගියා.

හැබැයි මේ කතාවේ වැඩිපුරම කතාබහට ලක්වෙලා තියෙන්නේ ඉන් පස්සේ රියදුරු කළා කියන දේ ගැනයි.

පවුලේ නීතිඥයන්ගේ කරුණු අනුව, අධිවේගී මාර්ගය අසල තරුණියන් දෙදෙනා දමා ගිය පසු රියදුරු ඔවුන් වෙනුවෙන් හදිසි සහායක් ඉල්ලා නොසිටි බව සඳහන්. ඒ වෙනුවට Uber සමාගම අමතා රථය පිරිසිදු කිරීම සම්බන්ධයෙන් කතා කළ බවට චෝදනා එල්ල වී තිබෙනවා.

එතකොට තවත් twist එකක්

Uber සමාගම මුලින් Emilyගේ පවුලට ඩොලර් මිලියන 10ක settlement එකක් යෝජනා කර තිබූ බව පවුලේ නීතිඥයන් පවසනවා.

හැබැයි ඒකට සිද්ධිය ගැන ප්‍රසිද්ධියේ කතා නොකිරීමේ කොන්දේසියක් තිබුණු බවත් ඔවුන් කියනවා.

පවුල ඒ යෝජනාව පිළිගෙන නැහැ.

අන්තිමේදී දින පහක arbitration hearing එකකින් පස්සේ retired judge Richard Stone විසින් Uber සමාගමට Emilyගේ දෙමාපියන්ට ඩොලර් මිලියන 40ක් ගෙවීමට නියෝග කර තිබෙනවා.

ඒ කියන්නේ මුලින් යෝජනා වූ මුදලට වඩා හතර ගුණයක මුදලක්

Uber නම් මේ තීන්දුවට එකඟ නැති බව ප්‍රකාශ කරලා තියෙනවා.

මේ සිද්ධියෙන් පස්සේ සමාජ මාධ්‍යවලත් ප්‍රධාන ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා…

ආරක්ෂිතව ගෙදර යන්න Uber එකක් ගත්ත passenger කෙනෙක් අධිවේගී මාර්ගයක් අසලට ගෙන ගොස් බැස්සවීමේදී, ඇයගේ ආරක්ෂාව ගැන වගකීම කාටද?

Emilyගේ පවුලට නම් ඒ ප්‍රශ්නය අදටත් ලොකු වේදනාවක්.
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top