හැබැයි පුදුමේ කියන්නේ ස්ට්‍රයික් එක තිබුණත් කාර්යාල කෝච්චි ටික නම් කිසිම අවුලක්, බාධාවක් නැතුව සාමාන්‍ය විදිහටම ධාවනය වෙනවා කියලා දුම්රිය දෙපාර්තමේන්තුව කියනවා.
මේ ස්ට්‍රයික් එකේ හැටියට දුම්රිය ස්ථානාධිපතිවරු අදත් මගීන්ට ටිකට් කඩන්නේ නැහැ. මේ ගැන දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා කියන්නේ "අපි කෝච්චි දුවන එකට බාධා කරන්නේ නැහැ, හැබැයි අපේ වර්ජනය අකුරටම යනවා" කියලයි.
ඒ කියන්නේ ඊයේ වගේම අදත් ගොඩක් ස්ටේෂන්වලින් ටිකට් ගන්න ලැබෙන්නේ නැහැ. ඊයේ දවසේ කෝච්චිවල ගියපු මගීන්ගෙනුත් දැනගන්න ලැබුණේ ටිකට් නැති වුණාට කෝච්චි ධාවනයට නම් කිසිම බාධාවක් වුණේ නැහැ කියලයි. ඒ නිසා ටිකට් නැතුව කෝච්චියේ යන්න ලැබුණු මේ ස්ට්‍රයික් එක මගීන්ට නම් මාරම චාන්ස් එකක් වෙලා!
හැබැයි ඉතින් ටිකට් නැතුව හොරෙන් යන්න බය අයටත් රජයෙන් විසඳුමක් දීලා තියෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියන විදිහට ඔන්ලයින් (Online) ක්‍රමයට හරි, ජංගම දුරකථන ඇප් (Mobile App) හරහා හරි තමන්ගේ ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න දැන් මගීන්ට පහසුකම් සලසලා තියෙනවා.
කොහොම වුණත් සාමාන්‍යාධිකාරීවරයාට එරෙහිව ගියපු මේ ස්ට්‍රයික් එකෙන් අන්තිමට වාසියක් වුණේ කෝච්චියේ වැඩට යන මගීන්ටම තමයි!