සමහරවිට ඔබට නිකමටවත් මේ ගැන සිතෙන්නට නැතුව ඇති. නිවැරදි ආහාර ගැනීමේ පුරුදු තුළින් දීර්ඝකාලීන නිරෝගීභාවය රැකගන්නා ආකාරය ගැන ඔබ මින් පෙර සිතා තිබෙනවාද..? මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසෙන කතාවක්.
ආහාර පරිභෝජනය කිරීමේදී අප අනුගමනය කරන පුරුදු, අපගේ සමස්ත සෞඛ්‍යයට සහ ආහාර ජීරණ පද්ධතියේ කාර්යක්ෂමතාවයට සෘජුවම බලපාන බව පෝෂණවේදීන් පෙන්වා දෙයි. දිනපතා නිරෝගී දිවිපෙවෙතක් පවත්වා ගැනීම සඳහා උපකාරී වන වැදගත් ආහාර ගැනීමේ පුරුදු කිහිපයක් පහත දැක්වෙනවා.
ආහාර කුඩා ප්‍රමාණවලින් ගෙන හොඳින් සැපීම
ආහාර කුඩා ප්‍රමාණවලින් ගෙන හොඳින් හපමින් අනුභව කිරීම මගින් ආහාර ජීරණ ක්‍රියාවලිය පහසු වන අතර, ශරීරයට අවශ්‍ය නිසි වේලාවට තෘප්තිමත් බව (බඩ පිරුණු බව) දැනේ.
බාධා කිරීම්වලින් තොරව ආහාරයේ රසය විඳීම
ආහාර ගන්නා අතරතුර ජංගම දුරකථන භාවිතය, රූපවාහිනිය නැරඹීම වැනි අවධානය වෙනතකට යොමුකරන දේවලින් මිදී ආහාරයේ රසය විඳීම මගින් අනවශ්‍ය ලෙස අධික ලෙස ආහාර ගැනීම වළක්වා ගත හැක.
සෙමින් සහ සැහැල්ලුවෙන් ආහාර ගැනීම
කලබලයකින් තොරව සෙමින් ආහාර ගැනීම ආහාර ජීරණ පද්ධතියේ සෞඛ්‍යය වර්ධනය කරන අතර නිරෝගී ජීවන රටාවකට මහඟු රුකුලක් වේ.
පෝෂක කොටස් හොඳින් ශරීරයට අවශෝෂණය වීම
ආහාර හොඳින් විකීම මගින් ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ පහසුවෙන් අවශෝෂණය කර ගැනීමට හැකි වන අතර, ආමාශයට සිදුවන අනවශ්‍ය වෙහෙස හා පීඩනය අවම කරයි.
දීර්ඝකාලීන සෞඛ්‍ය රැකගැනීම
සෑම ආහාර වේලක් සඳහාම ප්‍රමාණවත් කාලයක් වෙන්කරමින්, සන්සුන්ව ආහාර ගැනීම දීර්ඝකාලීනව නිරෝගීව සිටීමට උපකාරී වන හොඳම ජීවන රටාවකි.