හැබැයි ඒ සේරම පරද්දලා, කිසිම මේකප් එකක්වත් ෆිල්ටර් එකක්වත් නැතුව ස්වභාවික සුන්දරත්වයෙන් විතරක් මුළු ලෝකයේම අවධානය දිනාගත්තු අපූරු තරුණියක් ගැන දැන් ලෝකය පුරාම දැඩිව කතාබහ වෙන්න පටන් අරන්.
මෙයාගේ නම එලිසබෙත් ඩෙස්ටා (Elisabeth Desta). ඉතියෝපියාවේ ජීවත් වන මේ තරුණියගේ සරල බව සහ සුවිශේෂී ස්වභාවික පෙනුම (Natural Beauty) දැක්ක ගමන් ලෝකය පුරා ඉන්න ලක්ෂ ගණන් පිරිස් ඇයට පෙම් කරන්න පටන් අරන් තියෙනවා..
මේ ඡායාරූප අරගෙන තියෙන්නේ කිසිම ස්ටූඩියෝ එකක හෝ මිල අධික විලාසිතා පාවිච්චි කරලා නෙවෙයි. ඒ වගේම ඡායාරූප Edit කරලත් නැහැ. ඒත් ඇගේ මේ සුවිශේෂී ස්වභාවික ලස්සන දැකලා දහස් ගණනක් දෙනා කියන්නේ ඇය අනාගතයේ ලෝකයම හොල්ලන සුපිරි නිරූපිකාවක් වෙන එක නම් නවත්වන්න බැරි වෙයි කියලා...
සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන විදිහට ඇය ඉතියෝපියාවේ ග්‍රාමීය ප්‍රදේශයක් වන හාඩෙරෝ (Hadero) කියන පැත්තේ තමයි ජීවත් වෙන්නේ. හැබැයි ඇගේ වයස, පවුල් පසුබිම ගැන තවමත් කිසිම නිල තොරතුරක් හෙළි වෙලා නැහැ. ඒ වගේම ඇය තවම කිසිම නිරූපණ ආයතනයක් එක්ක ගිවිසුම් ගහලත් නැහැ කියලයි ආරංචිය.